යහපත් ගති ගුණ පිළිබඳ පරිච්ඡේදය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කරන්නන් කවුරුන්ද යත් ඔවුන් ගතිගුණ වලින් අලංකාරවන්තයන්ය. " මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

පිළිතුර - 1. මන්ද එය සර්වබලධාරී අල්ලාහ්ගේ ආදරය ඇති වීමට හේතුවකි.
2- තවද (අල්ලාහ් විසින්) මවන ලද දේ කෙරෙහි ආදරය කිරීමට හේතුවකි.
3. එය (කුසල්) තරාදියේ ප්රමාණයෙන් බරම දෙයයි.
4. යහපත් හැසිරීම් යහපත් ප්රතිඵලය වැඩි කරයි.
5.තවද ඊමාන් හෙවත් විශ්වාසය වර්ධනය වීමේ ලක්ෂණයකි.

පිළිතුර- ශුද්ධවූ අල්කුර්ආනයේ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි. නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි සූරත් අල්ඉස්රා 17:9 මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. ‘සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය.’ ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.

අල් ඉහ්සාන් යනු සැමවිටම අප කෙරෙහි අල්ලාහ්ගේ නිරීක්ෂණයක් පවතින බව සිහියේ තබාගෙන කටයුතු කිරීම, සහ අල්ලාහ්ගේ මැවීම් කෙරෙහි යහපත කිරීම සහ කරුණාව දැක්වීම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. නිසැකවම අල්ලාහ් තආලා සෑම කරුණකදීම අල්ඉහ්සාන් (හෙවත් සියල්ල මැනැවින් සිදු කිරීම) ගැන සඳහන් කර ඇත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
පහත සඳහන් කරුණු ක්රියාවන් වේ:

ඉහ්සාන් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන වන්දනාමාන කටයුතු මැනවින් ඉටු කළ යුතු අතර, ඒවා ඔහු වෙනුවෙන් යහපත් චේතනාවකින් (අවංකව) ඉටු කළ යුතුය.
වචනයෙන් හා ක්රියාවෙන් දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීම.
ලේ ඥාතීන්ට හා හිතවතුන්ට කරුණාව, දයාව දැක්වීම.
අසල්වැසියන්ට උදව් උපකාර කිරීම.
අනාථ දරුවන්ට සහ අසරණයන්ට කරුණාව දැක්වීම.
ඔබට අයහපතක් කරන්නන්ට යහපතක් කිරීම.
කතා කිරීමේදී සංවර වීම
වාද විවාද කිරීමේදී සංවර වීම
සත්වයින්ට කරුණාව දැක්වීම

පිළිතුර - අල්ඉහ්සාන් හෙවත් යහපතට ප්රතිවිරුද්ධ දෙය නම් අයහපත් දෑ සිදු කිරීමයි. එනම්,
උත්තරීතරවූ අල්ලාහ්ට වන්දනාමානය කිරිමේදී යහපත් චේතනාවකින් තොරව නැමැදුම් කිරිම.
දෙමාපියන්ට අකීකරු වීම.
ඥාතී සම්බන්ධතා බිඳ දැමීම.
අසල්වැසිියන් සමග සුහඳව කටයුතු නොකිරීම.
තවද දුප්පතුන්ට සහ අසරණයින්ට යහපතක් සිදු නොකිරීම සහ වචනයෙන් සහ ක්රියාවෙන් හිරිහැර කිරීම.

පිළිතුර:
1. සර්වබලධාරී අල්ලාහ් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම් සුරැකීමේ විශ්වාස වන්තකම.
එය ඉටුකරන ආකාර:
සලාතය, සකාත්, උපවාස, හජ්, සහ අල්ලාහ් අපට අණ කළ වෙනත් නමස්කාර ක්රියාවන් ඉටු කිරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.
මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.
මිනිසුන්ගේ ගෞරවය සුරක්ෂිත කිරීම.
ඔවුන්ගේ මිළ මුදල් ආරක්ෂා කිරීම.
ඔවුන්ගේ රුධිරය ආරක්ෂා කිරීම.
තවද ඔවුන්ගේ රහස් සහ ඔවුන් ඔබ වෙත විශ්වාසය මත පැවරු ඔවුන්ගේ පැවරුම් වැනි සියඵ කරුණු සුරක්ෂිතව රැකගැනීම.
ජයග්රාහී දනන් ගැන උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති. සූරත් අල්මුඅ්මිනූන් 23:8

පිළිතුර - ද්රෝහීකම, එනම් සර්ව බලධාරී අල්ලාහ්ගේ අයිතිවාසිකම් සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් අනිසි ලෙස අහිමි කිරීමයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. වංචා සහගත පුද්ගලයින්ගේ ලක්ෂණ තුනකි. " විශ්වාස කළොත් ද්රෝහීකම් කරයි " එයින් එක ගුණාංගයකි. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්.

පිළිතුර- යථාර්ථය ඇති සැටියේ ප්රකාශ කිරීම සහ ඇත්ත පවතින ආකාරයටම පැවසීමයි.
විශ්වාසවන්තභාවයේ ගති ලක්ෂණ පහත සඳහන් වේ.
මිනිසුන් සමඟ කතා කිරීමේදී අවංක ලෙස සත්ය කතා කිරීම.
පොරොන්දු දීමේදී අවංක වීම.
සෑම වචනයකම හා ක්රියාවකම අවංක ලෙස කටයුතු කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “සත්යවාදීකම ධර්මිෂ්ඨකම වෙත මග පෙන්වයි, ධර්මිෂ්ඨකම ස්වර්ගය වෙත මග පෙන්වයි, මිනිසෙක් සත්යවාදී කෙනෙකු බවට පත් වන තුරු ඔහු සත්ය කතා කරයි” මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

පිළිතුර - සත්යයට පටහැනි ගති ලක්ෂණ වනාහි බොරු කීමයි. එනම් මිනිසුන්ට බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ බොරු සාක්ෂි දීම වැනි ගති ගුණ වේ.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. ‘බොරු කීමෙන් නුඹලා වැළකී සිටිය යුතුයි. හේතුව සැබැවින්ම බොරු කිරීම අයහපත් ක්රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම අයහපත් ක්රියාවන් අපා ගින්න වෙත මග පෙන්වයි. මිනිසා බොරු කියමින් බොරුව මත (ජීවත් වෙමින්) සිටින විටදී අල්ලාහ් අබියස ඔහු මහා බොරුකාරයකු ලෙස සටහන් කරනු ලැබේ. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්. නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “කුහකයකුගේ ලක්ෂණ තුනකි” - ඒවායින් කරුණු දෙකක් මෙසේ සඳහන් කර ඇත. “ඔහු කතා කරන විට බොරු කියයි, ඔහු පොරොන්දුවක් දුන් විටක ඔහු එය කඩ කරයි.” මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්.

පිළිතුර - උත්තරීතර වූ අල්ලාහ්ට අවනත වීමේදී ඉවසීමකින් යුතුව කටයුතු කිරීම.
පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම සඳහා) ඉවසීමෙන් කටයුතු කිරීම.
(අල්ලාහ්ගේ කැමැත්ත අනුව) වේදනාකාරී සිදුවීම් වලදී ඉවසීම සහ ඒ සෑම අවස්ථාවකදීම අල්ලාහ්ට ප්රශංසා කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
" අල්ලාහ් ඉවසිලිවන්තයින් ප්රිය කරයි " 146 සූරා ආලු ඉම්රාන් 3:146 නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. අල්ලාහ් විශ්වාස කරන්නාගේ කරුණු පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය අල්ලාහ් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එයද ඔහුට යහපත් වන්නේය. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

පිළිතුර - එනම් (අල්ලාහ්ගේ කටයුතුවලදී) අවනත විය යුතු තැන්හිදී ඉවසීමෙන් තොර වීම. පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම නොව) ඉවසීමෙන් තොරව කටයුතු කිරීම, (අල්ලාහ්ගේ කැමත්ත අනුව) පූර්ව විනිශ්චය පිළිබඳව වචනයෙන් හෝ ක්රියාවෙන් අතෘප්තිමත් වීම.
එනම්,
මරණය බලාපොරොත්තු වීම
කම්මුල්වලට පහර දීම.
ඇඳුම් ඉරා ගැනීම.
හැඟීම් අවුස්සා ගැනීම.
තමන්ට විනාශයක් ඇති වීම සඳහා ප්රාර්ථනා කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්රිය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු මෙය පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත. මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

එනම් යහපත් කටයුතු වලදී එකිනෙකා අතර අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම
අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම සඳහා උදාහරණ
(අනුන් සතු) අයිතීන් ලබාදීමේදී ඇති කර ගත යුතු සහයෝගීතාවය.
අපරාධ කරන්නාට ප්රතිචාර දැක්වීමට සහයෝගයෙන් කටයුතු කිරීම.
නැති බැරි අයගේ සහ අවශ්යතා ඇති අයගේ අවශ්යතා සපුරාලීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම.
සියලු යහපත සඳහා සහයෝගීතාවය දැක්වීම.
පාප ක්රියා, හානි සිදුකිරීම් සහ ආක්රමණ කිරීම් වැනි කරුණු වලට සහයෝගය නොදීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. (සූරා අල් මාඉදා 5:2) නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “විශ්වාස කරන්නාට තවත් විශ්වාස කරන්නෙකු සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනැඟිල්ලක් වැනිය, එය එකිනෙක ශක්තිමත් කරයි. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්. නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට වරදක් කරන්නේවත්, වැරදි කරන කෙනෙකුට ඔහුව භාර දෙන්නේවත් නැත. යමෙක් තම සහෝදරයාගේ අවශ්යතා ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ අවශ්යතා ඉටු කරයි; යමෙක් මුස්ලිම්වරයෙකුව ඔහුගේ කරදරවලින් මුදවන්නේ නම්, නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඔහුගේ කරදර සමනය කරයි. තවද යමෙක් මුස්ලිම්වරයෙකුගේ (ඔහුගේ පාපය) වසන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුව (ඔහුගේ පාප) නැවත නැඟිටීමේ දිනයේ වසන්නේය." මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

පිළිතුර 1. ලැජ්ජා වීමේ ගුණය අල්ලාහ්ගෙන් ය: එය ඔබව ඔහු (අල්ලාහ්) ට පාපී ක්රියා කිරීමට මග පාදන්නේ නැත.
2. මිනිසුන් ඉදිරියේ ලැජ්ජාවෙන් කටයුතු කිරීම යනු: අසභ්ය කතාවලින් වැළකීම සහ කෙනෙකුගේ රහස්ය තැන් හෙළිදරව් නොකිරීම මෙයට ඇතුළත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ, "ඊමාන් (හෙවත් විශ්වාසය) ට ශාඛා හැත්තෑවකට වඩා හෝ ශාඛා හැටකට වඩා ඇත - එහි ඉහළම ප්රකාශය නම්: 'අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත' යන්නයි. එයින් අවම දෙය වන්නේ හානිකර දෙයක් මාර්ගයෙන් ඉවත් කිරීම වේ. තවද ලැජ්ජා වීමේ ගුණය ඊමාන් (හෙවත් විශ්වාසයෙ) හි ශාඛාවකි." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

පිළිතුර - වැඩිහිටියන්ට දයාව හා ගෞරවය දැක්වීම
තරුණයින්ට සහ කුඩා වයසේ පසුවන දරුවන්ට කරුණාව දයාව දැක්වීම.
දුප්පතුන්, අසරණයන් සහ අවශ්යතා ඇති අය සඳහා කරුණා දයාව දැක්වීම.
සත්ත්වයින්ට හිංසා නොකිරීම සහ ආහාර පාන දී පෝෂණය කිරීමෙන් ආදරය දැක්වීම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා අතර සෙනෙහස පෑමෙහි ද, ඔවුන් එකිනෙකාට කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද, ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විදින විට, ශරීරයේ සෙසු අවයව (එහි බලපෑම නිසා) නින්දට නොයා හා උණ ගැනීමෙන් එයට (ඒ වේදනාවට) හවුල් වන ශරීරයේ උපමාව මෙනි. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නා නුඹලාට කරුණා කරනු ඇත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

පිළිතුර: උත්තරීතරවූ අල්ලාහ් කෙරෙහි ආදරය දැක්වීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
විශ්වාස කළවුන් අල්ලාහ්ට දැඩි ලෙස ප්රිය කරන්නන් වෙති. (සූරතුල් බකරා 2:165)
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීම.
එතුමාණෝ මෙසේ පැවැසූහ. “මාගේ ප්රාණය කවරෙකුගේ අතේ තිබේද, (ඔහු මත දිවුරා පවසමි) ඔබ අතර කෙනෙක් සිය දෙමාපියන්ට වඩා සහ සිය දරුවන්ට වඩා මා ඔහුගේ අධික ආදරයට පත් කර ගන්නා තුරු ඔහු සැබෑ විශ්වාසය තැබු කෙනෙක් බවට පත් වන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්රය බුහාරි
විශ්වාස කරන්නන්ට ප්රේමය දක්වන්න, ඔබ ඔබට ආදරය කරන ආකාරයටම ඔවුන්ගේ යහපත වෙනුවෙන් (කටයුතු කිරීමට) ප්රිය කරන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. ඔබ අතරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු විශ්වාස කරන්නෙකු නොවන්නේය. මූලාශ්රය බුහාරි

පිළිතුර - මිනිසුන් මුණගැසෙන විට ප්රීතියෙන්, සිනහවෙන්, කරුණාවෙන් යුතුව මුහුණේ ඉරියව් සන්නිවේදනය කිරීම.
එය මිනිසුන් ඉදිරියේ මුහුණ හකුළා ගැනීමේ පුරුද්දට ප්රතිවිරුද්ධය, මෙය, මිනිසුන් විසින් ඔවුන්ව පලවා හරියි.
මෙහි වැදගත්කම ගැන සඳහන් නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් බොහෝ ඇත. යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ හෙළා නොදකින්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද විය හැක. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. “ඔබගේ සහෝදරයා සිනාමුසු මුහුණින් පිළිගැනීම කුසල් ක්රියාවකි” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

පිළිතුර - අන් අයට ලැබී තිබෙන ආශීර්වාදයන් දුරු වේවායි පැතීම හෝ අනුන්ට ලැබී තිබෙන ආශීර්වාදයන්ට ද්වේෂ කිරීම.
ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) (සූරතුල් ෆලක්:5)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. නුඹලා එකිනෙකා කෙරෙහි අමනාපයක් ඇති නොකරගන්න, ඊර්ෂ්යාවක් හෝ සතුරුකමක් ඇති කර නොගන්න; එකිනෙකාට පිටුපා නොසිටින්න. තවද අල්ලාහ්ගේ ගැත්තන් වශයෙන් සහෝදරයන් බවට පත් වන්න. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත

පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයාට සමච්චල් කිරීම සහ පහත් කොට සැළැකීම වේ. මෙය සිදු නොවිය යුතුයි.
අල්ලාහ් මෙය තහනම් කරමින් මෙසේ පවසයි. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. තවද නුඹලා අතර දොස් නොකියනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ. (සූරත් අල්හුජ්රාත් 49:11)

පිළිතුර- පුද්ගලයෙකු මිනිසුන් ඉදිරියේ තමාව උසස් කොට නොපෙන්වීමයි. තවද මිනිසුන් හෙළා නොදැකීම හා සත්යය ප්රතික්ෂේප නොකිරීමයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි:
තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. සූරත් අල්ෆුර්කාන් 25:63 එනම් - නිහතමානී පුද්ගලයින්. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කෙනෙකු අල්ලාහ් උදෙසා අවංක ලෙස යටහත් පහත් වන්නේද අල්ලාහ් ඔහුගේ තත්වය උසස් කරනු මිස නැත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. "සැබැවින්ම, කෙනෙකු තවත් කෙනෙකුට උඩංගු නොවන ලෙසත්, කෙනෙකු තවත් කෙනෙකුට පීඩා නොකර ලෙසත්, ඔබ නිහතමානි විය යුතු බවත් දෙවියන් වහන්සේ මට හෙලිදර කර ඇත." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

පිළිතුර - 1. සත්යය ප්රතික්ෂේප කිරීම, එය නොපිළිගැනීම සහ සත්යයට විරුද්ධව උඩඟුකමින් කටයුතු කිරීම.
2. මිනිසුන් කෙරෙහි උඩඟුකමින් කටයුතු කිරීම, එනම් ඔවුන්ව පහත් කොට සැලකීම සහ අවතක්සේරු කිරීමයි.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කවරෙකුගේ හදවත තුළ අණු ප්රමාණයක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත. එවිට පුද්ගයෙකු මෙසේ විචාලේය. "ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකු තම ඇඳුම අලංකාර විය යුතුයි යනුවෙන් සහ ඔහුගේ පාවහන් අලංකාර විය යුතුයි යනුවෙන් ප්රිය කරයි." එවිට මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්රකාශ කළේය: නියත වශයෙන්ම අල්ලාහ් අලංකාර වන අතර ඔහු අලංකාරය ප්රිය කරයි. උඩඟුකම යනු සත්යය පිළිකුල් කිරීම සහ මිනිසුන්ව පිළිකුල් කිරීමයි. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
- සත්යය ප්රතික්ෂේප කිරීම.
-මිනිසුන් දෙස පහත් කොට බැලීම: ඔවුන්ව හෙළා දැකීම.
හොඳ ඇඳුමක් ඇඳීම සහ හොඳ පාවහනක් පැළැඳීම අහංකාරකම නොවේ.

පිළිතුර - මිලදී ගැනීමේදී සහ විකිණීමේදී භාණ්ඩයේ දෝෂය වසන් කිරීම වංචා සහගත ක්රියාවන්ය.
-අධ්යාපනය හැදෑරීමේදී සිදු කරනු ලබන වංචාව, ඒ වගේම සිසුන් විසින් විභාගයේදී (කොපි කිරීම වැනි) වංචාවෙහි යෙදීම.
බොරු සාක්ෂි කියමින් වචනය තුලින් වංචා කිරීම.
- ඔබ පවසන දේ සහ ඔබ මිනිසුන් සමඟ එකඟ වන දේ ඉටු නොකිරීම.
(ව්යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර ගොඩ ගසා විකුණන ස්ථානයක් පසු කරමින් යනවිට, එතුමාණන් සිය අත එහි (ආහාර ගොඩ තුල) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් පැවැසුවේය. එවිට එතුමාණන් මෙසේ පැවැසුහ. “ඇයි මිනිස්සුන්ට පෙනෙන විදියට මෙම ආහාර උඩින් දැම්මේ නැත්තේ? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ. ” මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අස්සුබ්රා යනු ආහාර ගොඩකි.

පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයා නොමැති අවස්ථාවක (ඔහු ගැන) ඔහු පිළිකුල් කරන දෙයක් සඳහන් කිරීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය; මහා කරුණාන්විතය. (සූරත් අල්හුජ්රාත් 49:11)

පිළිතුර - මිනිසුන් අතර රණ්ඩු දබර ඇති කිරීමේ අරමුණින් අනුන්ගේ පෞද්ගලික දේවල් පිළිබඳ (තැනින් තැන) කීම.
අල්ලාහ්ගේ දූතයාණන් පවසා ඇත. ඕපාදූ කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

පිළිතුර- එනම්, යහපත් දේ කිරීමට සහ පුද්ගලයෙකු විසින් කළ යුතු දේ කිරීමට පසුගාමී වීම.
රාජකාරි කිරීමේදී කම්මැලිකමින් සිටීමද මෙයට ඇතුලත් වේ.
ඒ ගැන අනතුරු අඟවමින් අල්කුර්ආනය මෙසේ විස්තර කරයි:
ඇත්තෙන්ම කුහකයන් අල්ලාහ් රවටන්නට අදහස් කරති. එහෙත් (අල්ලාහ්) ඔහු, ඔවුන් රැවටට්ටුවෙය. තවද ඔවුන් සලාත් කිරීමට (පිවිස) නැගිට සිටින කම්මැලිකමෙන්, (තමන් සලාත් කරන්නන් බවට) මිනිසුන්ට පෙන්වීම පිණිස (නැගිට) සිටින්නෝය. තවද ඔවුහු ඉතා ස්වල්ප වශයෙන් මිස අල්ලාහ්ව මෙනෙහි නොකරන්නෝය.' සූරත් අන්නිසා 4:42
එබැවින් විශ්වාස කරන්නා විසින් කම්මැලිකම, උදාසීනත්වය සහ අක්රියාකාරි අත්හැර, සර්වබලධාරි අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මේ ජීවිතයේ සියලු වැඩ කටයුතු එහි බැරෑරුම්කම තේරුම් ගෙන උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමට වගබලාගත යුතුයි.

පිළිතුර - 1. ප්රශංසා කළ හැකි කෝපය: උත්තරීතරවූ අල්ලාහ් වෙනුවෙන් කෝපයට පත් වීම. එනම් අවිශ්වාස කරන්නන්, කුහකයින් හෝ වෙනත් අය විසින් අල්ලාහ්ගේ ශුද්ධවන්ත කමට අපහස සිදු කළ විටක ඇති විය යුතු කෝපය.
2- නින්දා සහගත කෝපය : පුද්ගලයෙකු විසින් නොකිව යුතු දේ කීමට සහ කිරීමට මග සලස්වන කෝපයයි.
නින්දා සහගත කෝපයට ප්රතිකාර.
වුදූ හෙවත් අර්ධ දෝවනය
සිටගෙන සිටිනවා නම්, වාඩිවීම, වාඩිවී සිටිනවා නම් පැත්තට ඇලවීම.
මේ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාගේ දේශනාවක් වන "කෝප නොවන්න." යන උපදෙස් පිළිපැදීම.
කෝප වූ විට ඇති වෙන ආවේගශීලී බව පාලනය කර ගැනීම සඳහා,
පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම.
නිහඬියාව.

පිළිතුර- එය මිනිසුන්ගේ වැරදි අඩුපාඩු සහ ඔවුන් සඟවන දේ හඳුනා ගැනීම සහ සෙවීමයි.
ඒ සඳහා උදාහරණ.
- නිවෙස්වල මිනිසුන්ගේ අඩුපාඩු දැකීම.
මිනිසුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ කථාවට සවන් දීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
‛ඔබලා (අනුන්ගේ) වරද නොසොයනු. (අල්කුර් ආන්). (සූරත් අල්හුජ්රාත් 49:12)

පිළිතුර- නාස්තිය: එනම් අසාධාරණ ලෙස මුදල් වියදම් කිරීම.
එහි ප්රතිවිරුද්ධ දෙය මසුරුකමයි:
එය කෙනෙකුගේ අයිතිය නොදී රඳවා තබා ගැනීමයි.
නිවැරදි ක්රමය නම් මේ දෙක අතර මධ්යස්ථ පිළිවෙත අනුගමනය කිරීමයි , තවද මුස්ලිම්වරයා ත්යාගශීලී විය යුතුයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක් විය. සූරත් අල්ෆුර්කාන් 25:67

පිළිතුර - බියගුලුකම යනු: බිය නොවිය යුතු දේ ගැන බිය වීමයි.
උදාහරණයක් ලෙස සත්යය පැවසීමට සහ නපුර ප්රතික්ෂේප කිරීමට ඇති බිය.
නිර් භීතකම:
එනම් එය නිවැරදි දේ කිරීමේ නිර් භීතකම වන අතර එය ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීම සඳහා ජිහාද් සඳහා වූ නිර් භීතකම වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ යාච්ඤා කළේය. "අහෝ අල්ලාහ්! මම ඔබෙන් බියගුලුකමින් ආරක්ෂාව පතමි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. "ශක්තිමත් විශ්වාස කරන්නෙකු. දුර්වල විශ්වාස කරන්නෙට වඩා අල්ලාහ්ට වඩා හොඳ සහ වඩාත් ආදරණීය වන අතර සෑම කෙනෙකු තුළම යහපතක් ඇත." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

පිළිතුර - උදාහරණයක් ලෙස බැනීම, සාප කිරීම.
පුද්ගලයෙකු විසින් තවත් කෙනෙකුට " තිරිසනා " යනුවෙන් පැවැසීම හෝ එවැනි වෙනත් පහත් වචන භාවිතා කිරීම.
එසේත් නැතිනම් අසභ්ය වචන සහ පහත් වචන භාවිතා කිරීම.
ඉහත සඳහන් කරුණු සියල්ලක්ම නොකරන ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පවසා ඇත. මහත් සේ දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත. මෙය ඉමාම් තිරමිදි හා ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත.

පිළිතුර 1.උත්තරීතරවූ අල්ලාහ් ඔබට යහපත් හැසිරීම් වලින් ආශීර්වාද කර ඒ සඳහා ඔබට උපකාර කරන ලෙස ප්රාර්ථනා කර සිටීම.
2-සර්වබලධාරී අල්ලාහ් ඔබව නිරීක්ෂණය කරන බවත්, ඔහු ඔබව හොඳින් දන්නා බවත්, ඔබට සවන් දෙන බවත්, ඔබව දකින බවත් ඔබ විසින් දැන සිටීම.
3-යහපත් හැසිරීම් වලින් ලැබෙන (මහඟු) ප්රතිඵල ගැන සහ ඒවා ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන බව මෙනෙහි කිරීම.
4- අයහපත් හැසිරීම් වලින් ලැබෙන (අනතුරුදායක) ප්රතිඵල ගැන සහ ඒවා නිරයට පිවිසීමට හේතුවක් වන බව මෙනෙහි කිරීම.
5-යහපත් පුරුදු සර්වබලධාරී අල්ලාහ්ට සහ ඔහුගේ මැවිල්ලට ආදරය ගෙන එයි, නරක පුරුදු අල්ලාහ්ට සහ ඔහුගේ මැවිල්ලට කෝපය ගෙන දෙයි.
6- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ චරිතාපදානය කියවීම, සහ එතුමාගේ ආදර්ශය අනුගමනය කිරීම.
7- යහපත් මිනිසුන් ඇසුරු කිරීම සහ නරක මිනිසුන්ගේ ඇසුරෙන් වැළකී සිටීම.