ඉස්ලාමීය නීති විද්යා පිළිබඳ අංශය.
පිරිසිදුකම යනු කිල්ලෙන් පිරිසිදු වීම සහ අපවිත්රතාව ඉවත් කිරීමයි.
අපවිත්රතාව ඉවත් කර පිරිසිදු වීම යනු: මුස්ලිම්වරයෙකු විසින් තම ශරීරය මත, තම ඇඳුම් මත හෝ තමන් සිටිනා ස්ථානයේ සහ තමන් යාච්ඤා කරන ස්ථානයේ තිබෙන ඕනෑම අපිරිසිදු දෙයක් ඉවත් කිරීමයි.
කිල්ලෙන් පිරිසිදු වීම යනු: එය සිදු කරනු ලබන්නේ වුළු හෙවත් අර්ධස්නානය කිරීම තුලින් සහ ජලස්නානය කිරීම තුලිනි. මේ සඳහා පිරිසිදු ජලය අවශ්ය වේ. තවද ජලය නොමැති විටක තයම්මම් හෙවත් පිරිසිදු පස් වැනි දෑ භාවිතයෙන් පිරිසිදු කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ ජලය අහිමි වූ විටක හෝ (රෝගාතුර වීම වැනි හේතූන් නිසා) ජලය භාවිතා කිරීමට නොහැකි වීම නිසයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. යම් මුස්ලිම් (හෝ මූමීන්) බැතිමතෙක් වුළු දෝවනය කිරීම ආරම්භ කර, ඔහු මුහුණ සේදූවේ නම් ඔහු සිය දෑසින් දුටු සෑම පාපයක්ම ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වනු ඇත. තව ද දෑත් සෝදන විට දෑත් කළ පව් ද ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වනු ඇත. දෙපා සෝදන විට දෙපයෙහි පව් ද ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වී ඔහු පිවිතුරු පුද්ගලයෙකු බවට පත් වෙයි. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
පිළිතුර - තුන් වරක් අත්ල සේදීම.
තුන්වරක් මළ්මළා, ඉස්තින්ශාක් සහ ඉස්තින්සාර් කිරීම.
මළ්මළා යනු : මුඛය තුළට ජලය දමා, එය පිරිසිඳු කිරීමෙන් පසු ජලය පිටතට යැවීම.
ඉස්තින්ශාක් යනු : දකුණු අතින් නාසයට ජලය ඇද ගැනීම.
ඉස්තින්සාර් යනු : ජලය ගෙන පිරිසිඳු කිරීමෙන් පසු වම් අතින් නාසයෙන් ජලය බැහැර කිරීමයි.
මුහුණ තුන්වරක් සේදීම.
අත් දෙක වැල මිට දක්වා තුන් වරක් සේදීම.
හිස එක්වරක් තෙත් අතින් පිරිමැදීම සහ කන්දෙක එක්වරක් අතින් පිරිමැදීම.
පසුව ඔබේ දෙපා වළලුකර දක්වා තුන් වරක් සේදීම.
මෙය වඩාත් සම්පූර්ණ වූ ක්රමයයි. මෙය උස්මාන්, අබ්දුල්ලා බින් සයිද් සහ වෙනත් අය විසින් වාර්තා කරන ලද අතර බුහාරි සහ මුස්ලිම් මූලාශ්රයන් හි සඳහන් හදීස් වල මේ ක්රමය වාර්තා වී ඇත. මෙය පිළිබඳව අල්-බුහාරි සහ වෙනත් මූලාශ්ර ග්රන්ථවලද මෙසේ සඳහන් වී ඇත: "නබි තුමාණන් එක් වරක් වුළු කිරීම සිදු කළේය, තවද එතුමාණන් දෙවරක් වුළු කිරීම සිදු කළේය" මේ අනුව අදහස් වන්නේ: එතුමා විසින් (වුළු අවස්ථාවේදී) සේදිය යුතු අවයව එක් වරක් හෝ දෙවරක් සෝදා ගත්තේය, යන්නයි.
පිළිතුර - මේවායින් එක් කරුණක් හෝ අත්හැරුණු විටක එම මුස්ලිම් පුද්ගලයාගේ වුළු හෙවත් පිරිසිඳු කිරීම වලංගු නොවේ.
1- මුහුණ සේදීම ඒ අතරින් නාසයට ජලය අතුලත් කර පිරිසිදු කිරීමද අයත් වේ.
2- අත් දෙක වැලමිට දක්වා සේදීම.
3- හිස තෙත් අතින් පිරිමැදීම සහ එම තෙත් අතින් කන්දෙක පිරිමැදීම.
4- දෙපා වළලුකර ඇතුලුව සේදීම.
5- පිරිසිඳු කිරීමට අදාල ස්ථාන පිළිවෙලකට කිරීම. මුහුණ සේදීම, පසුව අත් පිරිසිඳු කිරීම, පසුව හිස පිස දැමීම, පසුව දෙපා සේදීම.
6- අල්-මුවාලාත්: එනම් එක් කොටසක් සෝදා එම කොටස වියළන තෙක් ප්රමාද නොකර අඛණ්ඩව ඉටු කිරීම.
එසේම වුළුහි අඩක් ඉටුකර ඉතුරු කොටස වෙනත් වේලාවක ඉටුකිරීම තුලින් වුළු වලංගු නොවේ.
පිළිතුර- වුළුහි සුන්නතයන් - එනම් ඒවා කෙනෙකු ඉටු කළේ නම්, ඔහුට ඒ සඳහා යහපත් ප්රතිඵල ලැබෙන අතර එය නොකර සිටින විටක ඔහුට පවක් සිදු නොවේ. ඔහුගේ වුළු හෙවත් පිරිසිදු කිරීම වලංගු වේ.
1 - ආරම්භයේදී බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) යනුවෙන් පැවැසීම.
2- සිවාක් හෙවත් දත් පිරිසිඳු කර ගැනීම.
3- දෙඅත්හි මැණික් කටුව දක්වා වූ කොටස සේදීම
4- ඇඟිලි පිරිමැද සේදීම
5- දෙවතාවක් හෝ තුන්වතාවක් සේදීම.
6- දකුණු පැත්තෙන් ආරම්භ කිිරීම.
7- වුළු කිරීමෙන් පසු පහත සඳහන් දික්රය උසුරීම. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත්, ඔහු ඒකීය බවටත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවටත් මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවටත් ඔහුගේ ධර්ම දූතයාණන් බවටත් මම සාක්ෂි දරමි.
8 - වුළු කිරීමෙන් පසු රකඅත් දෙකක් ඉටු කිරිම
1-සපත්තු පිරිසිඳු තත්ත්වයේ තිබෙන විට හෝ වුළු කිරීමෙන් පසු පැළැදීම.
2- සම් උර පිරිසිඳු තත්ත්වයේ තිබිය යුතුයි. ඒවා අපිරිසිදු නම් ඒ මත පිස දැමීමට නොහැක.
3- වුළු ගන්නා විට සේදිය යුතු ස්ථානය සම් උරයෙන් ආවරණය වී තිබිය යුතුය.
4- පිසදැමීම නිශ්චිත කාල සීමාව තුළ සිදු විය යුතුය. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා, එක් දිනක් සහ එක් රාත්රියක් ද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්රි තුනක් ද වශයෙනි.
පිළිතුර 1: පිසදමන ලද නිශ්චිත කාල සීමාව අවසන් වීම, ඒ සඳහා වූ කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සම් පා උර මත පිස දැමීම නොකළ යුතුයි. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා සීමාව, එක් දිනක් එක් රාත්රියක්; තවද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්රි තුනක් වශයෙනි.
පාවහන් දෙක ඉවත් කිරීම: යම් පුද්ගලයෙක් සම් පා උර දෙක හෝ ඒවායින් එකක් පිස දැමීමෙන් පසු ගලවන්නේ නම්, ඒවා මත පිසදැමීම වලංගුභාවය නැති වේ.
පිළිතුර - කෙනෙකු විසින් සලාතය අත්හැරීමෙන්, ඔහු ඉස්ලාමය ප්රතික්ෂේප කිරීමේ තත්වයට පත්වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.
අප හා ඔවුන් අතර පවතින සම්මුතිය සලාතයයි. කවරෙකු සලාතය අත්හරින්නේද ඔහු ප්රතික්ෂේප කරන්නෙකුගේ තත්වයට පත් වන්නේය.
මෙය ඉමාම් අහ්මද්,ඉමාම් තිර්මිදි තුමා සහ වෙනත් අය විසින්ද දැනුම් දී ඇත.
පිළිතුර - 1. ඉස්ලාම්: කෙනෙක් මුස්ලිම් වරයෙකු විය යුතුයි. මුස්ලිම් නොවන කෙනෙකුගෙන් මෙය වලංගු වන්නේ නැත.
2. බුද්ධිය؛ බුද්ධි විකල් (ඔල්මාදයෙන්) පෙළෙන අයට වලංගු නැත.
3. නිසි වයසට නොපැමිණීම: කුඩා අය සඳහා එය වලංගු නොවේ.
4. චේතනාව පිහිටුවා ගැනීම.
5. නියමිත වේලාව පැමිණීම.
6. කිල්ලෙන් පිරිසිඳු වීම.
7. අපවිත්රතාවයෙන් පිරිසිදු වීම.
8. නිරුවත වසා ගැනීම.
9. කිබ්ලාව දෙසට හැරී සිටීම.
සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග 14 ක් තිබේ.
පළමුව- අනිවාර්ය සලාතයකදී නැගීට සිටිමට ශක්තිය ඇත්තා නැගිට සිටිමින් සලාතය ඉටු කිරීම.
"අල්ලාහු අක්බර්" යනුවෙන් ආරම්භ තක්බීරය පැවසීම.
සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.
(සෑම රකඅතයකම) රුකූඋ කිරීම. කොන්ද සමතලා කර (දෑත් දණහිස් මත තබා) ඔහුගේ හිස ඒ(කිබ්ලා) දෙසට හරවන තෙක් නැමිය යුතුය.
එහි සිට නැගිට සිටීම.
අල් ඉඃතිදාල් හෙවත් රුකූඋ ඉරියව්වෙන් නැගිට ආරම්භයේ මෙන්ම ඍජු ව සිට ගැනීම.
සුජූද් කිරීම- සුජූද් කිරීමේ දී නළල, නාසය, අත්ල දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි පොළොව මත තබා සුජූද් කිරීම අවශ්ය වේ.
සුජූද් තත්ත්වයෙන් නැගිටීම.
සුජූද් දෙක අතර වාඩි වී සිටීම.
මෙහිදී සුන්නත් වූ ක්රමය - ඉෆ්තිරාෂ් ක්රමයට හිඳ ගැනීම. එනම්, වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම සහ තම දෑත් කලව මත තබා කිබ්ලා දෙසට හැරී (වාඩිවී) සිටීම. යළි දෙවන සජදා ඉටුකිරීම.
පෙර සඳහන් කළ සෑම ක්රියාවකම මදක් සන්සුන්ව රැඳී සිටීම.
අවසන් ෂහාදා ප්රකාශ කිරීම.
එහි වාඩි වී සිටීම.
" අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් " යනුවෙන් දෙවරක් කීම.
මෙහි අප සඳහන් කළ ආකාරයට මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම. උදාහරණයක් ලෙස: කෙනෙකු විසින් රුකූඋ කිරීමට පෙර හිතාමතාම සුජූද් කළේ නම් සලාතය අවලංගු වේ. නොදැනුවත්ව කළා නම් නැවත රුකූඋ කර පසුව සුජූද් කිරීම අවශ්ය වේ.
පිළිතුර- සලාතයක අනිවාර්ය කරුණු අටකි. ඒවා පහත සඳහන් වේ.
1- ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන්.
2- සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් ව ප්රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම.මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි.
3-රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි! ඔබටමය සියලු ප්රශංසා) යැයි පැවසීම.
4. සුබ්හාන රබ්බියල් අළීම් (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
5. සුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි සුජූද් හි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
6. සජදා දෙක අතර එක් වරක් රබ්බිග් ෆිර්ළී (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම.
7. ප්රථම තෂහ්හුදය පැවසීම.
8. ප්රථම තෂහ්හුදය වෙනුවෙන් වාඩිවීම.
පිළිතුර- කරුණු 11ක් ඇත. ඒවා පහත සඳහන් වේ.
1-පළමු තක්බීරයෙන් පසු, 'සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරක අස්මුක වතආලා ජද්දක වලා ඉලාහ ගයිරුක.' යනුවෙන් පැවැසීම.
තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්රශංසාව තුලින් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත.
2- පසු ව අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් යැයි පැවැසීම.
3-බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි පැවසීම.
4-(සූරතුල් ෆාතිහා ව පාරායනය කර, එය අවසන් වූ වහාම) ආමීන් යැයි පැවැසීම.
5-සූරතුල් ෆාතිහා ව පාරායනය කිරීමෙන් පසු (වෙනත්) සූරාවක් පාරායනය කිරීම.
6-ඉමාම් විසින් හඬ නගා පාරායනය කිරීම.
7- රබ්බනා වලකල් හම්දු යැයි කීමෙන් පසු ''මිල්උස් සමාවාති, වමිල්උල් අර්ළි, වමිල්උ මා ශිඃත මින් ශයිඉන් බඃදු '' යනුවෙන් පාරායනය කිරීම.
8-රුකූඋ අවස්තාවේදී සුබ්හාන රබ්බියල් අලීම්’ යැයි එක් වරකට වඩා එනම් දෙවන හා තුන්වන වතාවට හෝ ඊට වැඩියෙන් පැවසීම.
9- සුජූද් අවස්තාවේදී සුජූද් සඳහා වූ තස්බීහය එක් වරකට වඩා පාරායනය කිරීම.
10 - සජදා දෙක අතර '' රබ්බිග් ෆිර්ලී ''යනුවෙන් එක් වතාවට වඩා පාරායනය කිරීම.
පසු ව අවසාන ෂාහාදා ව පැවැසීම. මීට අමතර ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත හා පව්ලේ සමාජිකයින් වෙත සලවාත් කීම්, බරකත් හෙවත් ආශිර්වාද පැතීම, ඉන්පසු දුආ ප්රාර්ථනා කිරීම.
සිව්වෙනුව: ක්රියාවෙන් සිදු කරන සුන්නතයන්, ඒවා අල්හයිආත් යනුවෙන් හඳුන්වනු ලැබේ.
1. පළමු තක්බීරතයත් සමග දෙඅත් එසවීම.
2. රුකූඋ යනවිට දෙඅත් එසවීම.
3- රුකූඋ සිට නැගිටින විට දෙඅත් එසවීම.
4-ඉන්පසු ඒවා පහත හෙලීම.
5- (තක්බීර් බඳින විට) දකුණත වම් අතට උඩින් තැබීම.
6- සලාත් අවස්ථාවේදී සජදා කරන ස්ථානය දෙස දෑස් යොමු කිරීම.
7-සිටගෙන සිටින විටදී දෙපා අතර මදක් ඈත් කර තැබීම.
8-රුකුඋ අවස්ථාවේදී, දෙඅත් ඇඟිලි ඈත් කොට තම දණහිස් මත තබා ගැනීම. තම පිට සමාන්තර ව තබා ගැනීම. හිස ද ඍජු ව තබා ගැනීම.
9-සජදාවට අදාල අවයවයන් පොළොව මත එනම් සුජූද් කරන ස්ථාන වෙත යොමු කිරීමට සැලැස්වීම.
10- සුජූද් අවස්ථාවේදී කෙනෙකු ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන්ද, ඔහුගේ උදරය ඔහුගේ කලවාවෙන්ද, ඔහුගේ කලවා ඔහුගේ කෙණ්ඩයෙන් ද දුරස්ව තබා ගැනීම. තවද දණිස් දෙක අතර ඈත් කර ගැනීම.පාද ඇඟිලි සිටුවා ඈත් කර තබා ගැනීම. තම දෑත් තම උරහිස අසල තබා ගැනීම.
11- සජදා දෙක අතර හිඳුමෙහි සහ ප්රථම ෂහාදා හිඳුමෙහි ඉෆ්තිරාශ් ක්රමයට සහ දෙවන ෂහාදා හිඳුමෙහි තවර්රුක් ක්රමයට හිඳ ගැනීම.
12. සුජූද් දෙක අතර වාඩිවීමෙන් පසු අත් දෙක ඇඟිලි දිගු කර කලව මත තබා ගනීයි. තෂහ්හුද් අවස්ථාවේදීත් එසේම තබා ගනීයි. දකුණු වෙදඟිල්ල හා සුළැඟිල්ල නමාගෙන මහපටැඟිල්ල හා මැදඟිල්ල වෘත්තාන්තයක මෙන් තබා ගෙන දබරැඟිල්ලෙන් අල්ලාහ් මෙනෙහි කරන විට සංඥා කිරීම.
සලාම් පැවැසීමේදී දකුණු දෙසට සහ වම් දෙසට හැරී සලාම් පැවැසීම.
පිළිතුර- සලාත් ඉටු කරන ආකාරය.
1. වටපිට බැලීමකින් තොරව ඍජූව කෙනෙකුගේ මුළු ශරීරයෙන්ම කිබ්ලාව දෙසට හැරී සිටීම.
2. පසුව චේතනාව වචනයෙන් ප්රකාශ නොකර අවශ්ය කරන සලාතය වෙනුවෙන් චේතනාව සිතින් පිහිටුවා ගනී.
3. පසුව දෑත් තම උරහිසට සමාන්තර ව ඔසවා ‘අල්ලාහු අක්බර්’යැයි ආරම්භ තක්බීරය පැවසීම.
4. තම පපුව මත වමත් බාහු ව තබා ඒ මත දකුණත තබා ගැනීම.
5. පසු ව ප්රාරම්භක ප්රාර්ථනාව උසිරීම. අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයින අල් මෂ්රිකි වල් මග්රිබි අල්ලාහුම්ම නක්කිනී මින් හතායාය කමා යුනක්කස්සව්බුල් අබ්යළු මිනද් දනස්. අල්ලාහුම්ම අග්සිල්නී මින් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්. තේරුම: යා අල්ලාහ්! ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා අතර හා මාගේ පාපයන් අතර දුරස් කරත්වා! අහෝ අල්ලාහ්! සුදු ඇඳුමින් කුණු ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් ද මා පිරිසිදු කරත්වා ! අහෝ අල්ලාහ්! පිනිකැට වලින්, සිසිලෙන් හා ජලයෙන් මාගේ පාපයන් මගෙන් සොදා හරිනු මැනව!
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක. තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත.
6. පසුව පහත සඳහන් කළ ආකාරයට අඌදු පැවැසීම: අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම. 7. පසුව පහත සඳහන් ආකාරයට බිස්මිල්ලාහ් පවසා සූරතුල් ෆාතිහා පාරායනය කිරීම. ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ (1) -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්- ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ (2) -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා! ‘අර් රහ්මානිර් රහීම්’ (3) - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය. ‘මාලිකි යව්මිද් දීන්’ (4) -විනිශ්චය දිනයේ අධිපතිය. ‘ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්’ (5) -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු. ‘ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්’ (6) -අප ඍජු මග යොමු කරනු මැනව! ‘සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්’ (7) ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව. (අල් ෆාතිහා 1:1-7)
පසුව (ආමීන්) යනුවෙන් පැවසීම, එහි අර්ථය : යා අල්ලාහ්! පිළිතුරු සපයන්න.
8. පසුව අල්කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම. සුබ්හු සලාතයේ දී දීර්ඝ සූරාවන් පාරායනය කිරීම.
9. පසුව රුකූ කරයි. එනම් අල්ලාහ්ව මහිමයට පත් කිරීම වස් තම කොන්ද නමා රුකූ කරයි. රුකූ කරන විට ''අල්ලාහු අක්බර්'' යැයි පවසයි. රුකූ සඳහා නැමෙන විට අත් දෙක ඔහුගේ උරහිස් දක්වා ඔසවයි. සුන්නාහ් ක්රමය නම්: ඔහුගේ පිටකොන්ද සමාන්තර ව තබා හිස ද ඍජු ව තබා ගැනීමයි. තවද ඇඟිලි ඈත් කොට, දෑත් තම දණහිස් මත තබයි.
10.පසු ව ''සුබ්හාන රබ්බියල් අලීම්''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම් එවිට « සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
11-පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසමින් රුකූ ඉරියව්වේ සිට හිස ඔසවයි, එවිට ඔහු තම උරහිසට සමාන්තරව තම දෑත් ඔසවයි. (ඉමාම්ව අනුගමනය කරන) මඃමූන්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසන්නේ නැත: ඒ වෙනුවට ඔවුහු " රබ්බනා ලකල් හම්දු", යනුවෙන් පවසති.
12. පසුව නැගිට සිටීමෙන් පසු "රබ්බනා ලකල් හම්දු මිල්අස්-සමාවාති වමිල්අල්-අර්ළි මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යනුවෙන් පවසයි.
13. ඉන්පසු ඔහු පළමු සුජූද් කරයි. සුජූද් කරන විට "අල්ලාහු අක්බර්" යැයි පවසයි. ඔහු තම අවයව හතක් එනම්, නළල, නාසය, අත්ල, දණහිස සහ පාදවල ඇඟිලි තුඩු පොළොව මත පතිත වන සේ සුජූද් කරයි. තවද ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන් දුරස්ව තබා ගනීයි. තම වැලමිට පොළොව මත නොතබා ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනී.
14. පසු ව ''සුබ්හාන රබ්බියල් අඃලා''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම්, «සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් යනුවෙන් පැවසීම උචිතයි.
15. පසු ව සුජූද් තත්වයේ සිට ''අල්ලාහු අක්බර්'' යැයි පවසා තම හිස ඔසවයි.
16. ඉන්පසු සජදා දෙක අතර හිඳීමේදී ඔහු වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගනී. තවද දණහිසට යාබද දකුණු කලවා මත තම දකුණු අත තබා ගනී. දකුණතෙහි මහපට ඇගිල්ල මැදඟිල්ලට යටින් පිහිටන සේ තබා ගනී. වෙදඟිල්ල හා සුළැඟිල්ල මොළවා ගනියි. දබරැඟිල්ලෙන් සංඥා කර ප්රාර්ථනා කරන විට දී එය සොලවයි. තවද දණහිසට යාබද වම් කලවා මත තම වමත තබා ගනී.
17. සජදා දෙක අතර හිඳගෙන මෙසේ පාරායනය කරයි. ‘රබ්බිග් ෆිර්ලී වර්හම්නී, වහ්දිනී, වර්සුක්නී, වජ්බුර්නී, වආෆිනී.’
18. පසුව ආරම්භයේ සිදු කළාක් මෙන් තක්බීර් පවසා දෙවන සුජූදය ඉටු කරයි.
19. ඉන්පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් දෙවන සුජූදයෙන් නැඟිට සිට ගනී.පසුව පළමු රකආතය මෙන්ම දෙවන රකඅතයද ඉටු කරයි. නමුත් මෙහිදී ප්රාරම්භක ප්රාර්ථනාව නොපවසයි.
20. පසුව දෙවන රකඅතය අවසන් වීමෙන් පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් සජදා දෙක අතර වාඩිවූ ආකාරයට හිඳ ගනීයි.
21. මෙම හිඳීමේදී අත්තෂහ්හුදය මෙසේ පාරායනය කරයි. “අත්තිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අඌදු බිල්ලාහි මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල්මමාත් වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය හිමි වේවා. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. මතත් වූ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා! තවද, මම නිරයේ වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. මිනීවලේ ඇති විය හැකි වේදනාවෙන්ද ආරක්ෂාව පතමි. මසීහ් අද්දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුවත් ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. පසුව මෙලොව සහ පරලොව යහපත සඳහා තමන් කැමති දේ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටී.
22. "පසුව අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
23. රකඅත් තුනකින් සහ හතරකින් සමන්විත සලාතයකදී පළමු තෂහ්හුදය පාරායනය කරන විට එහි අවසාන වදන, එනම්: ''අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු'' දක්වා පාරායනය කරයි.
24. පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. එවිට දෙඅත් උරහිසට සමාන්තර ව ඔසවයි.
25.පසු ව ඉතිරි රකඅත් (වට) ගණන (තුන්වැනි හා හතරවැනි රකආතයන්) ඉටු කරයි. කෙසේ වෙතත්, මේ රකඅත්වල අල්-ෆාතිහා කියවීමට සීමා කරයි.
26. පසු ව (අවසාන තෂහ්හුදය පැවසීම සඳහා) තවර්රුක් ක්රමයට වාඩි වෙයි. වම් පාදය දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගනියි. (තවද පසුපස බිම තබා තම වම් පාදය දකුණු දෙසින් පිටතට එන සේ තබා ගැනීමටද හැක.) තවද පළමු තෂහ්හුද් අවස්ථාවේදී තබා ගත් ක්රමයට අත්ල කලව මත තබයි.
27. තවද මෙම ඉඳුමෙහි මුළු තෂහ්හුදය කියවයි.
28. පසුව "අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්"යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
පිළිතුර: ''අස්තග්ෆිරුල්ලාහ්'' යනුවෙන් තුන් වරක්.
අනතුරු ව ‘අල්ලාහුම්ම ඉන්නක අන්තස් සලාමු වමින්කස් සලාමු තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාමි' යැයි පැවසිය යුතුය. තේරුම: යා අල්ලාහ්, ශාන්තිය ඔබයි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන්ය. ගෞරවනී වූ ද අභිමානවත් වූ ද ඔබ භාග්ය වන්තයාය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු.
තේරුම: නැමදුම ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නැත. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත.සියලු පාලන බලය හිමිවනුයේ ඔහුටමය. සියලු ප්රශංසා හිමිවනුයේ ඔහුටමය. ඔහු සෑම දෙයක් කිරීම කෙරෙහි ශක්ති වන්තයාය. යා අල්ලාහ්! ඔබ දුන් දෙයක් වළකා ලීමට කිසිවෙකුටත් නොහැක. ඔබ (නොදී) වැළකූ දෙයක් ලබා දීමට කිසිවෙකුටත් නොහැක. ඔබේ දඬුවම්වලින් මිදීමට ධනය හෝ මහිමය කිසිවෙකුටත් ප්රයෝජනවත් විය නොහැක.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ඃලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.
තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු.
- '' සුබ්හානල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්හම්දු ලිල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්ලාහු අක්බර් ''යැයි තිස් තුන් වතාවක් කීම.
සියය සම්පූර්ණ කිරීම සඳහා පහත දැක්වෙන දික්රය කීම. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්.
තේරුම- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්යයන් අල්ලාහ් සතුය. සියලු පැසසුම් ඔහු සතුය. ඔහු සියලු දෑ කිරීමට බලය ඇත්තාය.
(මේ පිළිවෙළට අනුව ප්රාර්ථනාවන් මෙනෙහි කිරීමෙන් පසු) සූරතුල් ඉහ්ලාසය සහ මුඅව්විදතෙයින් හෙවත් අල් කුර්ආන් 113 හා 114 යන සූරාවන් ද පාරායනය කරයි. මග්රිබ් හා ෆජ්ර් සලාතයෙන් පසු ව මෙම සූරාවන් තුන්වරක් බැගින් පාරායනය කිරීම සහ අනිකුත් සලාතයෙන් පසු එක්වතාවක් පාරායනය කිරීම.
පසු ව ආයතුල් කුර්සීය හෙවත් (අල් කුර්ආන් 2:255) වැනි වැකිය එක් වතාවක්ද පාරායනා කිරීම.
පිළිතුර - සුබ්හ් (ෆජ්ර්) සලාතයට පෙර රකආත් දෙකක්.
- ලුහර් සලාතයට පෙර රකආත් හතරක්.
- ලුහර් සලාතයට පසු රකආත් දෙකක්.
- මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක්.
- ඉෂා සලාතයට පසු රකආත් දෙකක්.
නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන් එහි වැදගත්කම ගැන මෙසේ පැවැසූහ. "කෙනෙකු දවසකට දිවා රෑ ස්වේච්ඡාවෙන් රකආත් දොළහක් සලාතය කරයිද, අල්ලාහ් ඔහුට ස්වර්ගයේ නිවසක් ඉදි කරයි." මෙම හදීසය මුස්ලිම් සහ අහ්මද් මූලාශ්ර ග්රන්ථයෙහි සහ වෙනත් මූලාශ්රයන්හි වාර්තා වී ඇත.
පිළිතුර- ජුම්ආ දිනයයි (සිකුරාදා). නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. "සත්ය වශයෙන්ම නුඹලාට විශේෂිත වූ දිනය ජුම්ආ දිනයයි. එම දිනයේදී නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමා මවනු ලැබුහ. එම දිනයේදී එතුමා මරණයට පත් වූහ. එම දිනයේදී හොරණෑව පිඹෙනු ඇත. එම දිනයේදී ගිගුරුම් සහිත මහා හඩක් ඇති වේ. එබැවින් මෙම දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම ඔබ පවසන සලවාත් මා වෙත පෙන්වනු ලබයි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන්ගේ (සහාබාවරුන්) මිතුරන් මේසේ ප්රශ්න කළහ. 'නබි තුමාණෙනි! අපේ සලවාතයන් ඔබ වෙත පෙන්වනු ලබන්නේ කෙසේද? එවිට ඔබ (ගේ ශරීරය) දිරාපත් ව ඇත්තේ නොවේද?' එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ. නිසැකවම උත්තරීතරවූ අල්ලාහ් නබිවරුන්ගේ ශරීරය භූමිය අනුභව කිරීමෙන් තහනම් කොට ඇත.' මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.
පිළිතුර- මෙය, ප්රදේශයක පදිංචිව සිටින, නිසි වයසට පැමිණි සහ බුද්ධියෙන් සපිරිනු සෑම පිරිමි මුස්ලිම් කෙනෙකු කෙරෙහි අනිවාර්ය වගකීමකි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසා ඇත: "අහෝ විශ්වාස කළවුනි! ජුමුආ දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය, නුඹලාට යහපත්ය." (සූරා ජුම්ආ 62:9)
පිළිතුර - ආගමානුකූල නිදහසට කරුණක් හැර සිකුරාදා සලාතයට නොපැමිණ සිටීමට ඉස්ලාම්හි අවසර නැත. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. කිසියම් පුද්ගලයෙකු නොකඩවා ජුම්ආ සලාතයන් තුනකට සහභාගි නොවූයේ නම්, ඔහුගේ හදවතට අල්ලාහ් විසින් මුද්රා තබනු ඇත. මෙය ඉමාම් අබූ දාවුද් තුමා සහ වෙනත් ඉමාම් වරුන් විසින් වාර්තා කර ඇත.
පිළිතුර:-
1.ජලස්නානය කිරීම
2. සුවඳවිලවුන් (අත්තර්) වැනි දෑ ආලේප කිරීම
3. හොඳම ඇඳුමකින් සැරසී යාම.
4. වේලාසනින් මස්ජිදයට යාම.
5. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත වැඩි වැඩියෙන් සලවාත් කීම.
6. සූරත් අල්-කහ්ෆ් පාරායනය කිරීම.
7. පා ගමනින් මස්ජිදයට යාම.
8. ප්රාර්ථනා (කන්නලව්ව) සඳහා පිළිතුරු ලැබෙන වේලාව පිළිබඳ විමසිල්ලෙන් සිටීම.
පිළිතුර - (සකාත් දීමට අනිවාර්යයෙන් බැඳුනු පුද්ගලයෙකු විසින්) තමන් සතු වස්තුව නිශ්චිත කාලයක් තුල, නිශ්චිත කණ්ඩායමක් වෙත නිකුත් කිරීමේ අනිවාර්ය වගකීමකි.
එය ඉස්ලාමයේ පස් මහ කුළුණු වලින් එකක් වන අතර එය ධනවතුන්ගෙන් ලබාගෙන දුප්පතුන්ට දෙනු ලබන අනිවාර්ය පුණ්යාධාරයකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: “ඔබ සාකාත් පිරිනමන්න.” (සූරතුල් බකරා 2:43)
එය (අල්ලාහ් වෙනුවෙන් යන) චේතනාවකින් යුක්තව අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක් (ආහාර පානාදිය, ලිංගික ඇසුර හා වෙනත්) උපවාසය අවලංගු කරන දෑ යනාදියෙන් වැළකී, අල්ලාහ්ට වන්දනා මානය කරනු ලබන පිළිවෙතක් වන අතර එය වර්ග දෙකකි:
එනම්, අනිවාර්යවූ උපවාසශීලය: මෙය ඉස්ලාමයේ කුළුණු වලින් එකක් වන රමළාන් මාසයේ උපවාසශීලයේ යෙදීම වැනිය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකිවනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.” (සූරා බකරා 2:183)
අනිවාර්ය නොවන උපවාසය: උදාහරණයක් ලෙස, සෑම සතියකම සඳුදා සහ බ්රහස්පතින්දා උපවාසයේ යෙදීම සහ සෑම මාසයකම දින තුනක් උපවාසශීලයෙහි යෙදීම. මේ අතරින් හොඳම ඒවා වන්නේ සෑම මසකම ‘අය්යාමුල් බීළ්" (සුදු දින) හෙවත් සෑම චන්ද්ර මාසයකම 13, 14 සහ 15 වැනි දිනයන්හිදී උපවාසශීලයෙහි යෙදීම වේ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. කවරෙකු රමළාන් මාසයේ දේව විශ්වාසය සහිතව හා කුසල් බලාපොරොත්තු වෙන් උපවාසයේ නිරත වූයේ ද, පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ මාර්ගයේ උපවාසයේ නිරත වන කවර ගැත්තෙකු හෝ වේවා, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ මුහුණ හරීෆ් (අවුරුදු) හැත්තෑවක් පමණ දුරින් නිරයේ ගින්නෙන් දුරස් කරනු මිස නැත. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.
"හරීෆ් හැත්තෑවක්" යන්නෙහි අර්ථය: අවුරුදු හැත්තෑවකි.
පීළිතුර 1. (අදාල වේලාවට) උපවාසයෙන් මිදීම ඉක්මන් කිරීම.
2- සුහූර් වේලාව ප්රමාද කිරීම.
3- පුණ්ය ක්රියාවන් සහ වන්දනාමාන කටුයුතු වැඩියෙන් ඉටුකිරීම.
4- උපවාසයේ යෙදී සිටින්නාට යම්කිසිවෙකු බැන වදින්නේ නම්: ''මම උපවාසයේ යෙදී සිටිමි''. යනුවෙන් පැවැසීම.
5- උපවාසයෙන් මිදුනු විට දුආ ප්රාර්ථනාවන් කිරීම.
6- රුත්බ් (පැසුනු ඉඳි, වියළී ඉඳි බවට පත්වීමට පෙර) වලින් හෝ සාමාන්ය ඉඳි වර්ග අනුභව කිරීමෙන් හෝ ඒ කිසිවක් නැති විටක ජලය පානය කිරීම තුලින් උපවාසයෙන් මිදීම.
පිළිතුර: හජ් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවක නිශ්චිත ක්රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධ වූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.
උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි: “...තවද අල්ලාහ් වෙනුවෙන් එම නිවස හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. කවරෙකු එය ප්රතික්ෂේප කළේද සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තා (බව දැනගත යුතු)ය.” (සූරා ආලු ඉම්රාන් 4:97)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. කවරෙකු හජ් වන්දනාව ඉටු කර (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, අසභ්ය හෝ දුරාචාරයේ නොයෙදී වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත. මූලාශ්රය: ඉමාම් බුහාරි ඇතුළු ව වෙනත් මූලාශ්රයවල සඳහන් වී ඇත.
(ඔහුගේ මව ඔහු බිහි කළ දිනය) යනුවෙන් අදහස් කරනු ලබන්නේ "කිසිදු පාපයකින් තොරව" නැවත හැරෙන බවයි.
පිළිතුර - ඉස්ලාමය ව්යාප්ත කිරීම සහ ඉස්ලාමය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම, ඉස්ලාමයේ සහ එහි ජනයාගේ සතුරාට එරෙහිව සටන් කිරීමට උත්සාහය දැරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: "තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්රේෂ්ඨය." 41. (සූරා අත්තව්බා 9:41)