කොටස: විශ්වාස පද්ධතිය
තව්හීද් පාඨය යනු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ ය. එහි තේරුම - අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සාක්ෂි දැරීමයි. එනම්: අල්ලාහ් හැර වන්දනාමානයට සැබැවින් සුදුසු වෙනත් කිසිවෙකු නොමැත යන්නයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “එහෙයින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බව ඔබ දැනගන්න.” සූරා මුහම්මද් 47:19
පිළිතුර: අල්ලාහ් ඔහුව ලොවට එව්වේ ශුභාරංචි පතුරුවන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසය.
එබැවින් එතුමාණන් සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු අනුගමනය කිරීම අනිවාර්ය වේ.
1. එතුමාණන් අණ කළ දේට කීකරු වීම.
2. එතුමාණන් කී දේ විශ්වාස කිරීම.
3.එතුමාණන්ට අකීකරු නොවීම
ආගමානුකූලව නීති සම්පාදනය කර ඇති දෙයින් මිස අල්ලාහ්ට නමස්කාර නොකිරීම. එය සුන්නාහ්ව අනුගමනය කිරීම හා බිද්ආ හෙවත් ආගමේ නැති දෑ මගින් නව්යකරණය කිරීම අත්හැරීම වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. " ( අන්නිසා 4:80) උත්තරීතර අල්ලාහ් මෙසේද පවසයි. තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි. 3 එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත. 4 සූරත් අන් නජ්ම් 53:3, 4. උත්තරීතර අල්ලාහ් මෙසේද සඳහන් කරයි. අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.” 33:21 සූරත් අල්අහ්zසාබ් 33:21
පිළිතුර- එය වචනයෙන් සහ ක්රියාවෙන්, භාහිර වශයෙන් සහ අභ්යන්තර වශයෙන් අල්ලාහ් දෙවිඳාණන් ප්රිය කරන සහ ඔහුව සතුටු කරන සියල්ල සඳහා වූ සම්පූර්ණ නාමයකි.
භාහිර වශයෙන් කරනු ලබන ක්රියා- උදාහරණ වශයෙන්: දිව උපයෝගී කරගනිමින් සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහුඅක්බර් යනාදි වශයෙන් අල්ලාහ් සිහි කරනු ලබන වදන් පාරායනය කිරීම; අල්ලාහ් මෙනෙහි කිරීම සහ සලාත් සහ හජ් වැනි මෙහෙයුම් ඉටුකිරීම.
අභ්යන්තර වශයෙන් කරනු ලබන යහපත් ක්රියා- උදාහරණ වශයෙන්: අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, බිය බැති වීම සහ අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තු තැබීම.
පිළිතුර අංක 01- අත්තව්හීද් අර්රුබූබියියා- එනම් අල්ලාහ්ගේ ආධිපත්යයෙහි ඒකීයභාවය: අල්ලාහ් මැවුම්කරුය, පෝෂණය කරන්නාය, සියල්ලෙහි හිමිකරුය, පාලකයාණන්ය, ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත යනුවෙන් විශ්වාස කිරීමයි.
2. තව්හීද් අල්උලූහියියා යනු සියලු වැඳුම් පිඳුම්වලින් අල්ලාහ් තආලා ඒකීයත්වයට පත්කිරීමයි. අල්ලාහ් තආලා හැර වෙන කිසිවකට හෝ කිසිවෙකුට වන්දනාමානය නොකළ යුතුයි.
3. අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් ඒකීයභාවයට පත් කිරීම: එනම් අල්ලාහ්ගේ නාමයන්ට සහ ගුණාංගයන්ට මනඃකල්පිත රූප මැවීමකින්, ව්යාජ අර්ථ කථන ලබා දීමෙන් සහ තවත් වස්තුවකට හෝ කෙනෙකුට සමාන කිරීමෙන් තොරව මෙම නාමයන් සහ ගුණාංගයන් අල්කුර්ආනයේ සහ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීම් තුල සඳහන් වී තිබෙන ආකාරයට විශ්වාස කිරීම.
තව්හීද් වර්ග තුන සඳහා සාක්ෂි: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. (ඔහු) අහස් හා මහපොළොවේ ද, ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද? (65) (සූරා මර්යම් 19:65)
ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම යනු, උත්තරීතර අල්ලාහ්ට හැර (ආගාමානුකූල) ඕනෑම ආකාරයක නමස්කාරයක් වෙනත් දෙයකට හෝ කෙනෙකුට ඉටු කිරීමයි.
මෙහි වර්ග නම්:
මහා ෂිර්කය. උදාහරණ: අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් අයද සිටීම, උතුම් වූ ඔහු හැර වෙන කෙනෙකුට සුජූද් (නළල පොලොව මත තබා නැමැදුම් කිරීම) උත්තරීතරවූ අල්ලාහ් හැර වෙනත් කෙනෙකු උදෙසා මාංශ දානය සඳහා සතෙකු කැපීම.
කුඩා ෂිර්ක්. උදාහරණ: ප්රයෝජනක් ගෙන දීමට හෝ හානියක් වළක්වා ගැනීමට සුරය වැනි දේවල් (ගෙල සහ ඉණ වැනි ස්ථාන වටා) බැඳ එල්ලා තැබීම, අල්ලාහ් හැර වෙනත් දේ සහ වෙනත් අය මත දිවුරුම් කිරීම සහ මිනිසුන් තමා දෙස ආකර්ශනය කර ගැනීමේ අදහසින් තම සලාත් වැනි යාච්ඤාවන් ඉටු කිරීමේදී, කෙනෙක් ඒවා අලංකාර කර ප්රදර්ශනය කිරීම.
පිළිතුර - 1) සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
2) මලාඉකාවරු (දේව දූතයෝ) ගැන විශ්වාස කිරීම.
3) ධර්ම ග්රන්ථ විශ්වාස කිරීම.
4) ශාස්තෘවරු(නබිවරු) ගැන විශ්වාස කිරීම.
5) විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
6) හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
මේ සඳහා සාක්ෂි. සහිහ් මුස්ලිම් මූලාශ්රයෙහි එන සුප්රසිද්ධ හදීසයක ජිබ්රීල් නම් දේව දූතයා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විචාලේය. ජිබ්රීල් නම් දේව දූතයා ඊමාන් යනු කුමක් දැ යි ඇසු ප්රශ්නයට, “අල්ලාහ් කෙරෙහි, ඔහුගේ මලාඉකාවරුන් කෙරෙහි, ඔහුගේ ග්රන්ථයන් කෙරෙහි, ඔහුගේ රසූල්වරුන් කෙරෙහි, අවසාන දිනය කෙරෙහි සහ අල් කද්ර්හි හොඳ හා නරක කෙරෙහි විශ්වාස කිරීම ඊමාන් වේ.” යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් පිළිතුරු දුන්හ.
පිළිතුර: සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
* අල්ලාහ් ඔබව මවා, ඔබව පෝෂණය කළ තැනැත්තා බවත්, සියලු ජීවීන්ගේ එකම හිමිකරු සහ සියල්ල පාලනය කරන ස්වාමියා බවත් විශ්වාස කිරීම.
* ඔහු වන්දනාමානය ලැබීමට සුදුස්සාය, සත්ය වශයෙන්ම ඔහු (අල්ලාහ්) හැර වන්දනාමානය ලැබීමට සුදුසු වෙනත් කෙනෙකු නැත.
තවද ඔහු අති විශිෂ්ඨය, ශ්රේෂ්ඨය, සර්වපරිපූර්ණ වූ ඔහු සියලු ප්රශංසාවට ලක්වන අතර, ඔහුට වඩාත්ම ලස්සන නම් සහ උසස් ගුණාංග අයත් වේ. අති උත්තරීතර වූ ඔහුට සමානයක් නැත. කිසිවක් ඔහුට සමාන වන්නේ නැත.
මලක්වරුන් හෙවත් දේව දූතයින් පිළිබඳ විශ්වාසය.
ඔවුන් අල්ලාහ් විසින් ආලෝකයෙන් මවන ලද මැවිලි වේ, ඔවුන් මවන ලද්දේ අල්ලාහ්ට නමස්කාර කිරීමට සහ ඔහුගේ අණට සම්පූර්ණයෙන්ම අවනත වීම සඳහාය.
අල්ලාහ් තආලාගෙන් නබිවරුන්ට වහී (දේව හෙළිදරව්) පහළ කළ ජිබ්රීල් අලෛහිස් සලාම් මලාඉකාවරුන්ගෙන් කෙනෙකි.
දේව පුස්තක පිළිබඳ විශ්වාසය.
එනම් රසූල්වරුන් හෙවත් අල්ලාහ් තආලාගේ පණිවිඩකරුවන් වෙත පහළ කරන ලද දේව පුස්තකයයි.
උදාහරණයක් ලෙස මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙත අල්කුර්ආනය පහළ කරන ලදි.
අල්ඉන්ජීල් දේව පුස්තකය ඊසා (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අත් තව්රාත් දේව පුස්තකය මූසා (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අස්සබූර් දේව පුස්තකය ආවූද් (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
බ්රාහීම් (අලෛහිස්සලාම්) තුමා වෙත සහ මූසා (අලෛහිස් සලාම්) තුමා වෙත හෙළි කරන ලද ලේඛන.
(අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් පිළිබඳ විශ්වාසය.
තවද රසූල්වරුන් වනාහි අල්ලාහ් තම ගැත්තන්ට යහපත සහ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ලබා දීමටත් ඉගැන්වීමටත් නපුර සහ නිරා ගින්න ගැන අනතුරු ඇඟවීමටත් මෙලොවට එවූ අයයි.
මෙම රසූල්වරුන් අතරින් උලුල් අස්මි හෙවත් දැඩි ස්ථාවරයකින් යුත් සහ දැඩි පරීක්ෂාවන්ට ලක්වූ රසූල්වරුන් විශිෂ්ඨවූ අයවලුන් ලෙස සලකනු ලැබේ. එම රසුල්වරුන් පහත සඳහන් ආකාරයට හැඳින්වීමට හැක.
නූහ් අලෛහිස් සලාම්
ඉබ්රාහීම් අලෛහිස් සලාම්
මූසා අලෛහිස් සලාම්
ඊසා අලෛහිස් සලාම්
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්
අවසාන දිනය පිළිබඳ විශ්වාසය:
එය වනාහි මරණයෙන් පසුව මිනී වල තුල වැලැලීමෙන් පසුව සිදුවන කරුණු දාමයකි. නැවත නැඟිටීමේ දිනයකි, හා විනිශ්චය දවසකි. එදින ස්වර්ගය හිමි දනන් ඔවුන්ගේ ස්ථානයේද නිරයට හිමි අය ඔවුන්ගේ ස්ථානයේද සිටිනු ඇත.
හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
අල්කද්ර් (හොඳ නරක සියල්ලම අල්ලාහ් තආලා විසින් නිර්ණය කරන ලද ආකාරයෙන්ම සිදුවන බව විශ්වාස කිරීම) : උත්තරීතරවූ අල්ලාහ් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම දන්නා බවත්, ඔහු ඒවා ලව්හුල් මහ්ෆූද් නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේ ලියා ඇති බවත්, එහි පැවැත්ම සහ නිර්මාණය ඔහුගේ අභිලාශය අනුව සිදුවන බවත් විශ්වාස කිරීමයි.
මෙය සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ පවසයි. "නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම ප්රමාණයකින් යුතු ව මැව්වෙමු." (සූරතුල් කමර් 54:49)
එය තරාතිරම් හතරකින් යුක්ත වේ:
පළමුවැන්න: උත්තරීතරවූ අල්ලාහ්ගේ දැනුම, එනම් යම්කිසි දෙයක් සිදුවීමට පෙර සහ පසු ඒ සියල්ල පිළිබඳ ඔහුගේ පූර්ව දැනුම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ ව දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද ඔහු වර්ෂාව පතිත කරවන්නේය. ගර්භාෂයන්හි ඇති දෑ දන්නේය. කිසිම ආත්මාවක් එය හෙට දින උපයන්නේ කුමක් දැයි නොදන්නේය. කිසිම ආත්මාවක් කවර භූමියේ මරණයට පත්වන්නේ දැයි නොදන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානිය අභිඥානවන්තය." (සූරා ලුක්මාන් 31:34)
දෙවැන්න: අල්ලාහ් ඒ සියලු දෑ ගැන ලියා ඇත්තේ "අල් ලව්හුල් මහ්ෆූල්" නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේය. එබැවින් සිදු වූ සහ සිදුවීමට ඇති සියල්ල ඔහු සතුව ඇති පොතක ලියා ඇත.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.” සූරා අන්ආම් 6:59.
තුන්වැන්න: එනම් සෑම දෙයක්ම සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව වන අතර, ඔහුගේ කැමැත්තෙන් මිස, ඔහුගේ හෝ ඔහු විසින් මවන ලද්දන් විසින් කිසිවක් සිදු නොවේ.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය. තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය. 81: 28-29 සූරා අත්තක්වීර් 81:28-29
සිව්වැන්න : සියලු ජීවීන් උත්තරීතර අල්ලාහ් විසින් මවා ඇති බවත්, ඔහු ඒවායේ ආත්මයන්, ගුණාංග, චලනයන් සහ ඔවුන් තුළ ඇති සියල්ල මැවූ බවත් විශ්වාස කිරීම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. "නුඹලා ද නුඹලා කරමින් සිටින දෑ ද අල්ලාහ් මැවුවේය." (සූරා අස්සාෆ්ෆාත් 37:96)
පිළිතුර- මිනිසුන් ආගම නව්යකරණය කරන සෑම දෙයක්ම සහ නබි තුමාණන්ගේ සහ සහාබාවරුන්ගේ (මිතුරන්ගේ) කාලයේ දක්නට නොලැබුනු ආගමික කරුණු සියල්ල බිද්අත් වේ.
ඒවා අප විසින් පිළිගත යුතු නැත; තවද ඒවා හෙළා දැකිය යුතුයි.
නබි (අලෙයිහිස් සලාතු වස්සලාම්) තුමාණන් මෙසේ පවසා ඇත. "බිද්ආ (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන නවක කරුණු) සියල්ලක් ම නොමඟ යවන කරුණු වේ." ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
උදාහරණයක් ලෙස: වන්දනාමාන කටයුතුවලට අලුතින් යමක් එකතු කිරීම; උදාහරනයක් ලෙස, වුළු හෙවත් අර්ධස්නානය කිරීමේදී අදාල අවයවයන් තුන්වරක් සේදීම වෙනුවට සිව්වතාවක් සේදීම, තවද නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම වැනි කරුණු නැමදුම් ක්රියාවක් ලෙස (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන) නවක කරුණු වේ. නමුත් එය නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාගේ මාර්ගයෙන් හෝ එතුමාණන්ගේ සහාබාවරුන්ගේ මාර්ගයෙන් හෝ ප්රකාශ වී නැත.
පිළිතුර- අල් වලාඃ යනු අල්ලාහ්ව විශ්වාස කරන්නන්ට ආදරය කරුණාව දැක්වීම සහ ඔවුන්ට උදව් උපකාර කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: (දේව) විශ්වාස නරන්නන් හා දේව විශ්වාස කරන කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. (සූරා අත්තව්බා 9:71)
ප්රතික්ෂේප කරන්නන් සමග එකඟ නොවීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: “ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දැයින් ද ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු විය...” සූරා අල් මුම්තහිනා 60:04
පිළිතුර - කථනයට උදාහරණයක්: උත්තරීතර අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාට බැන වැදීම.
ක්රියාවට උදාහරණ - අල්-කුර්ආනයට අපහාස කිරීම හෝ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට වැඳීම.
විශ්වාසය සම්බන්ධ උදාහරණය: සර්වබලධාරී අල්ලාහ් හැර නැමදුම් කිරීමට සුදුස්සෙකු සිටින බවට හෝ සර්වබලධාරී අල්ලාහ් හැරුණු විට තවත් මැවුම්කරුවෙකු සිටින බව විශ්වාස කිරීම.
පිළිතුරු-
1- ලොකුම කුහකකම: එය සිත් තුල අවිශ්වාසය සඟවා බාහිර වශයෙන් විශ්වාසය පෙන්වීමයි.
මෙවැනි තත්වයක් කෙනෙකුව ඉස්ලාමයෙන් ඉවත් කරනු ලබයි. තවද මෙය ලොකුම ප්රතික්ෂේප කිරීමක් ලෙස හඳුන්වනු ලබයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වන්නේය. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොදකින්නේමය.(145) සූරා අන්නිසා 4:145
2- සුළු කුහකකම:
ඒවා නම්: බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ විශ්වාසය කඩ කිරීම යනාදිය වේ.
ඉහත සඳහන් දුර් ගුණාංග කෙනෙකුව ඉස්ලාමයෙන් නෙරපා හරිනු නොලැබෙන අතර, ඒවා පාප වේ. එවැනි ගුණාංගයන්ගෙන් යුත් කෙනෙකු දඬුවමට යටත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. “කුහකයාගේ ලක්ෂණ තුනකි: ඔහු කතා කළ විට බොරු තෙපලයි. ඔහු පොරොන්දු දුන් විට එය උල්ලංඝනය කරයි. ඔහුට විශ්වාසයෙන් යමක් පැවරූ විට එය කඩ කරයි.” බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙම හදීසය වාර්තා කර ඇත.
පිළිතුර -මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. “මුහම්මද් නුඹලාගේ පිරිමි(දරුව)න් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය.” සූරා අල් අහ්සාබ් 33:40. අල්ලාහ්ගේ දූතයාණන්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)මෙසේ පැවසූහ. "මම වක්තෘවරුන්ගේ (අවසාන) මුද්රාව වෙමි, මට පසුව වක්තෘවරයෙකු නොමැත." මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
පිළිතුර - ආශ්චර්යයන් යනු උත්තරීතර අල්ලාහ් තම වක්තෘවරුන්ට සම්මතයට පරිබාහිර වූ කරුණු ලබා දුන්නේය. ඒ ඔවුන්ගේ අවංකභාවය පෙන්වීම සඳහාය. උදාහරණයක් ලෙස:
- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් සඳ පැලී යාම;
මූසා (අලෙයිහිස් සලාම්) වෙනුවෙන් මුහුද දෙකඩ වීම, ෆිර්අන් සහ ඔහුගේ සොල්දාදුවන් දියේ ගිල්වා දැමීම.
පිළිතුර - සහාබාවරුන් යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන්ය; ඔවුහු නබිතුමා ජීවතුන් අතර සිටයදී, එතුමාණන්ව මුණගැසුණු අතර, එතුමාණන්ව විශ්වාස කර, ඉස්ලාමය මතම මිය ගියහ.
අපි ඔවුන්ට ආදරය කරන අතර ඔවුන්ව අනුගමනය කරන්නෙමු. නබිවරුන්ගෙන් පසු ශ්රේෂ්ඨතම මිනිසුන් ඔවුන්ය.
සහාබාවරුන් අතර ශ්රේෂඨතම අය කලීෆාවරුන් සිව් දෙනාය.
අබූ බකර් රළියල්ලාහු අන්හු තුමා,
උමර් රළියල්ලාහු අන්හු තුමා,
උස්මාන් රළියල්ලාහු අන්හු තුමා,
අලී රළියල්ලාහු අන්හු තුමා.
පිළිතුර: අපි ඔවුන්ට ආදරය කළ යුතුය, ඔවුන්ගේ (ගරුත්වය) රැක ගත යුතුයි. තවද ඔවුන්ට විරුද්ධ වන අයට (කරුණු පහදා දී) විරුද්ධත්වය පළ කළ යුතුයි. නමුත් ඔවුන් සම්බන්ධයෙන් අන්තයටම නොයා යුතුයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින් යනු එතුමාණන්ගේ භාර්යාවන්, එතුමාගේ දරුවන්, බනු හාෂීම් සහ බනු අල්-මුත්තලිබ් යන අය වන මෙම පවුලේ සාමාජිකයින්ද සිටිති.
පිළිතුර - බිය: එනම් අල්ලාහ්ට සහ ඔහුගේ දඬුවමට ඇති බිය වේ.
බලාපොරොත්තුව වනාහි, එය අල්ලාහ්ගේ යහපත් ප්රතිඵල, සමාව සහ දයාව පිළිබඳ බලාපොරොත්තුවයි.
මෙය සම්බන්ධව, අල්ලාහ් මෙසේ පවසා සිටියි. "අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ප්රවේශම් විය යුත්තකි." සූරා අල්ඉස්රා 17:57 තවත් වැකියක අල්ලාහ් මෙසේ අවධාරණය කරයි. නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ දන්වා සිටිනු. තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු. සූරා අල්හිජිර් 15:49 - 50
පිළිතුර - අල්ලාහ් : එහි තේරුම ඔහු සැබැවින්ම වන්දනාමානය කිරීමට සුදුස්සා ය, ඔහු (අල්ලාහ්) ඒකීයය, ඔහුට ආදේශ කිරීමෙහි ලා කිසිවෙකු නැත.
පරමාධිපතියාණන් : එනම් මැවුම්කරු, සියල්ලෙහි හිමිකරු, පෝෂණය කරන්නා සහ පාලකයා ඔහු පමණකි, ඔහුටම සියඵ මහිමය හිමි වේවා!
සියල්ල අසන්නා : ඔහුගේ ශ්රවණය සෑම දෙයකින්ම පුළුල්ය, ඔහුට විවිධ සහ වෙනස් වූ යිසළු හඬ ඇසේ.
සියල්ල දකින්නා: කුඩා හෝ විශාල වුවත් සියල්ල දකින සහ සියල්ල බලන තැනැත්තාය.
සර්වඥයා: අතීතය, වර්තමානය සහ අනාගතය යන සෑම දෙයක් පිළිබඳව දැනුම ඇති තැනැත්තා ඔහුය.
දයානුකම්පිත: අල්ලාහ්ගේ දයාව සෑම ජීවියෙකුම වෙත විහිදෙන අතර, සියලු ගැත්තන්, මැවීම් සහ ජීවීන් ඔහුගේ දයාවට යටත් වේ.
පෝෂණය කරන්නා: මිනිසුන්, ජින් සහ සියලුම සතුන් ඇතුළු සියලුම ජීවීන් සඳහා පෝෂණය සපයන තැනැත්තා ඔහුය.
ජීවමාන තැනැත්තා : ජීවමාන තැනැත්තාවූ අල්ලාහ් මිය නොයන අතර අන් සියලු මැවිල්ලන් මිය යන්නේය.
ශ්රේෂ්ඨ වන්තයා: ඔහුගේ අලංකාර නම්, ගුණාංග සහ ක්රියාවන් තුළ සියලු පරිපූර්ණත්වයකින් සහ අති ශ්රේෂ්ඨත්වයකින් යුතු තැනැත්තාය.
පිළිතුර - අපි ඔවුන්ට ආදරය කරන අතර, අපේ ආගමික ගැටඵ සහ නීතිමය ප්රශ්න නිරාකරණය කිරීමේදී අපි ඒ සියල්ල ඔවුන් වෙත යොමු කරමු. තවද යහපත් දේ හැර අපි ඔවුන් ගැන කිසිවක් සඳහන් නොකරන අතර ඔවුන් ගැන වෙනත් ආකාරයකින් නරකක් සඳහන් කරන අය නිවරදි මාර්ගයෙන් බැහැරව සිටින්නන්ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය. (සූරා අල්මුජාදලා 58:11)
පිළිතුර - යහපත් දේ කිරීම තුලින් විශ්වාසය වැඩි වන අතර අයහපත් දේ කිරීම තුලින් විශ්වාසය අඩු වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: “නියත වශයෙන්ම දේව විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.” සූරා අල් අන්ෆාල් 8:2
පිළිතුර- සියඵ හේතු කාරනා සැලකිල්ලට ගනිමින්, මහත්වූ ප්රතිඵල ලබා ගැනීම සඳහා සහ හානිය පලවා හැරීම සඳහා සර්වබලධාරි අල්ලාහ් මත විශ්වාසය තුලින් රැඳී සිටීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “කවරෙකු අල්ලාහ් කෙරෙහි සියල්ල භාරකරන්නේ ද, ඔහුට ඔහු ප්රමාණවත්ය.” සූරා අත් තලාක් 65:3
ඔහු ප්රමාණවත්ය': එනම්, (අල්ලාහ්) ප්රමාණවත්ය.
පිළිතුර - යහපත අණ කිරීම යනු බලගතු සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය පෙන්වන සියලු ක්රියාවන් අණ කිරීමයි. අයහපත වළක්වාලීම යනු, බලගතු සහ උත්තරීතර අල්ලාහ්ට අකීකරුභාවය පෙන්වන පාපතර ක්රියාවන්ගෙන් වළක්වාලීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහුය. සූරා ආලු ඉම්රාන් 3:110.
පිළිතුර - ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සහ එතුමාණන්ගේ සහාබාවරුන්ව විශ්වාසයෙන්, ක්රියාවෙන් සහ කතනයෙන් ආදර්ශයට ගෙන ජීවත් වෙමින් සිටි අයයි.
අහ්ලුස් සුන්නාහ් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහමග අනුගමනය කරන බැවිනි. තවද බිද්අත් හෙවත් ආගමික කරුණු තුල අලුතින් යමක් ඇතුලත් කරන ලද දෙයින් වැළැකී සිටීම නිසාය.
කණ්ඩායම: එනම් ඔවුන් සත්යය මත එක්සත් වූ අතර එහි නොබෙදුණු පිරිසක් බැවිනි.