විවිධ ප්රභේද

පිළිතුර:
1- අනිවාර්යය දෑ
2- ප්රියජනක දෑ
3- තහනම් කරන ලද දෑ
4- අප්රිය දෑ
5- අනුමත ලද දෑ

පිළිතුර-
1- අනිවාර්යය දෑ: පස්වේලේ දෛනික යාඥාවන්. රාමසාන් මාසයේ උපවාසය සහ දෙමාපියන්ට ගෞරව කිරීම මේ සඳහා උදාහරණ වේ.
අනිවාර්යය දෑ- ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා අත්හල තැනැත්තාට දඬුවම් ලැබේ.
2-ප්රියජනක දෑ.එනම්, පස්වේලේ අනිවාර්ය සලාතයට පෙර හා පසු සලාතයන් ඉටු කිරීම, රත්රී කාලයේ සලාතයන්, ආහාර පාන සැපයීම, සලාම් පැවැසීම, මේවා අස් සුන්නත් වල් මන්දූබ් යනුවෙන් හඳුන්වනු ලැබේ.
-ප්රියජනක දෑ: ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ, ඒවා අත්හල තැනැත්තාට දඬුවම් නොලැබේ.
විශේෂ සටහන්
මෙය සුන්නාහ්වක් හෝ ප්රියජනක ක්රියාවක් බව මුස්ලිම්වරයෙකුට ඇසුණු විටක, යුහු සුලු ව ඔහු එය කිරීමට ඉක්මන් විය යුතු අතර, නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.
3. තහනම් කරන ලද කරුණු - උදා: මත්පැන් පානය කිරීම, දෙමාපියන්ට අකීකරු වීම සහ ඥාති සබඳතා නැති කිරීම වැනි කරුණු වේ.
තහනම් ක්රියාවන්- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ ඒවා ඉටු කළ තැනැත්තාට දඬුවම් ලැබේ.
4- යම් කිසි දෙයක් වම් අතින් ගැනීම සහ දීම, සලාත් අවස්ථාවේදී එල්ලී තිබෙන තමන්ගේ වස්ත්රය දෑතින් අල්ලා ගෙන සලාහ් ඉටු කිරීම, අප්රිය ක්රියාවන් ය.
-අප්රිය ජනක ක්රියාවන් - ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම් නොලැබේ.
5-අනුමත දෑ: උදා, ඇපැල් ගෙඩි අනුභව කිරීම, තේ පානය කිරීම. මේවා හලාල් (අනුමත දෑ) යනුවෙන් හඳුන්වනු ලැබේ.
-අනුමත දෑ- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල නොලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම්ද නොලැබේ.

පිළිතුර- සියලුම විකුණුම් සහ ගණුදෙනු වල මූලික පදනම නම්, සර්වබලධාරී අල්ලාහ් විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. නමුත් සමහර වර්ග හැර, ඒවාට අවසර නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද, අල්ලාහ් වෙළඳාම අනුමත කර පොලි (හරාම්යැයි) තහනම් කර ඇත. (සූරතුල් බකරා 2:275)

පිළිතුරු:
1.වංචාව ඇතුළුව, භාණ්ඩයේ දෝෂය සැඟවීම.
(ව්යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර විකුණන ස්ථානයක් පසු කරමින් සිටියදී, එතුමාණන් සිය අත එහි (ආහාර මත) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!, වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් ඔහු පැවැසුවේය: “ඇයි මිනිස්සුන්ට දැක ගත හිකි විදියට මෙම කෑම උඩින් දැම්මේ නැත්තේ? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ ”යනුවෙන් නබි කුමා පැවැසුවේය. මෙය මුස්ලිම් වාර්තා කළ හදීසයකි.
2- පොලිය: කෙනෙකු ණයක් ලෙස පුද්ගලයෙකුගෙන් මුදලින් දහසක් ලබා ගනී. එනම් එය නැවැත ගෙවන විට මුදලින් දෙදහසක් ආපසු ලබා දෙන කොන්දේසිය මත.
මෙහිදී වැඩි පුර ගෙවන ලද මුදල පොලිය ලෙස හඳුන්වනු ලැබේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද, අල්ලාහ් වෙළඳාම අනුමත කර පොලි (ගැනීම) (හරාම්යැයි) තහනම් කර ඇත. (සූරතුල් බකරා 2:275
3 - රැවටීමෙන් කර ලබන වෙළඳාම තහනම් කර ඇත. උදාහරණයක් වශයෙන් එළදෙනුන්ගේ බුරුල්ලෙහි ඇති කිරි (දොවන්නට පෙර)
විකිණීම, ජලයේ සිටන මාලුවන් ඇල්ලීම පෙර ඒවා විකිණීම.
හදීසයක:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) රැවටීමෙන් කරනු ලබන වෙළඳාම තහනම් කර ඇත) මෙය මුස්ලිම් වාර්තා කළ හදීසයකි.

පිළිතුර - 1- ඉස්ලාම් ධර්මය ඔබට ආශිර්වාදයක් ලෙස ලැබී තිබීම සහ ඔබ ප්රතික්ෂේප කරන මිනිසුන්ගෙන් කෙනෙකු නොවන බව.
2- නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන කෙනෙකු වීම, තවද බිද්අත් හෙවත් ඉස්ලාමයේ නාමයෙන් නූතන ක්රියාවන් අනුගමනය නොකරන කෙනෙකු වීම.
3- ශ්රවණය කිරීම, පෙනීම, ඇවිදීම සහ වෙනත් හැකියාවන් සෞඛ්ය සහ සුවයෙහි ආශිර්වාදයක් වශයෙන් ලැබී තිබීම.
4- ආහාර පාන සහ ඇඳුම් පැළැඳුම් ආශිර්වාදයක් ලෙස ලැබීම.
සර්වබලධාරි අල්ලාහ්ගේ ආශිර්වාදය අප කෙරෙහි බොහෝය. ඒවා ගණන් කළ නොහැකිය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. (සූරා අන්නහ්ල් 16 :18)

පිළිතුර- ආශිර්වාද කෙරෙහි අපේ යුතුකම නම්, ඒ සඳහා අල්ලාහ්ට තුති පුද කිරීමයි. එනම් ඔහුට ප්රශංසා කිරීමත්, ශ්රේෂඨත්වය ඔහුට පමණක් හිමි බවත් ප්රකාශ කිරිමයි. මෙම ආශීර්වාද භාවිතා කළ යුත්තේ සර්වබලධාරී අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මිස පාපී ක්රියාවන්හි යෙදවීමෙන් නොවේ.

පිළිතුර - ඊදුල් ෆිතර් සහ ඊදුල් අද්හා.
අනස් (රලියල්ලාහු අන්හු) තුමා දැනුම් දෙන හදීසක, එතුමා මෙසේ පැවසීය: දෙවියන්ගේ දූතයා මදීනා නගරයට පැමිණි අතර, (මදීනා වැසියන්ට) ඔවුන්ට එහි සෙල්ලම් කිරීමට දින දෙකක් තිබුණි, එබැවින් එතුමාණන් මෙසේ විමසීය: "මේ දවස් දෙක මොනවාද?" එවිට ඔවුහු මෙසේ පැවැසූහ. අඥාන යුගයේදී අපි මෙම දවස් දෙකේදී ක්රීඩා කළෙමු. එවිට නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ මෙසේ පැවසූහ. "ඇත්ත වශයෙන්ම, අල්ලාහ් තආලා මෙම දින දෙකට වඩා හොඳ දෙයක් සමඟින් ඊද් අල් ෆිත්රා සහ ඊද් අල්ද්හා යන දින දෙක ඔබ වෙනුවෙන් හුවමාරු කර ඇත." මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.
මෙම දින දෙක හැර වෙනත් උත්සව දිනයන් බිද්අත් හෙවත් නවීණගත ක්රියාවන් වේ.

පිළිතුර- බැල්ම පහත හෙලීම ඔබේ යුතුකමයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන ලෙස පවසනු. (සූරතුන් නූර් 24:30)

1. නපුරට මඟ පෙන්වන ආත්මයයි: එනම්, කෙනෙකු තම ආත්මය හා අභිමතයට යටත්වී ඔහුට අණ කරන දේ අනුගමනය නොකරන විට, භාග්යවත් හා උත්තරීතර අල්ලාහ්ට අකීකරු වේ. ඔහු නපුරට යොමු වෙයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය. සූරත් යූසුෆ් 12:53 2.ශයිතාන්: ඔහු ආදම්ගේ පුත්රයාගේ සතුරා වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ මිනිසා නොමඟ යැවීමයි, ඔහුව නපුරට යොමු කිරීම සහ ඔහුව නිරයට ඇතුළු කිරීමයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි. සූරා බකරා 2:168 3. නරක මිනිසුන්: ඔවුහ් අයහපත වෙත දිරිමත් කරන අතර අයහපත වළක්වන අයවලුන් සිටිති. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. නමුත් දේව බිය බැතිමතුන් හැර. සූරත් සුහ්රුෆ් 43:67

පිළිතුර- පාපෝච්චාරණය යනු: සර්වබලධාරී අල්ලාහ්ට අකීකරු වීමෙන් පසු, ආපසු හැරී ඔහුට කීකරු වීමයි. අල්ලාහ් මෙසේ පවසයි. තවද පසුතැවිලි වී, විශ්වාස කොට, දැහැමි දෑ සිදු කොට, පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි. සූරා තාහා 20:82

පිළිතුර 01.පාපයෙන් වැළකී සිටීම.
2. සිදු කළ පාපයන් ගැන පසුතැවිලිවීම.
3. එම පාපයන් වෙත ආපසු නොයෑමට අධිෂ්ඨාන කර ගැනීම.
4- ජනතාවට වරදක් කර ඇත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ දුක්ගැනවිලි යථා තත්ත්වයට පත් කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙනත් කවරෙක් ද? තවද ඔවුහු තමන් කළ (වැරදි) දෑ හී දැනුවත්වම නිරත නොවෙති. සූරා ආලු ඉම්රාන් 3:135.

පිළිතුර- එයින් අදහස් වන්නේ ඔබ අල්ලාහ්ට තම නබි තුමාණන්ට ප්රශංසා කරන ලෙස යාච්ඤා කරන බවයි.

පිළිතුර - සෑම අඩුපාඩුවකින්ම සහ අයහපතකින් තොරවූ උත්තරීතර අල්ලාහ්ට සියලු මහිමය හිමිවන බව ස්තෝත්ර කිරීම.

පිළිතුර - එය සර්වබලධාරී අල්ලාහ්ට කරනු ලබන ප්රශංසාවයි, සියලු ගුණාංගවලින් ඔහුව පරිපූර්ණත්වයට පත් කිරීමයි.

පිළිතුර - එනම්, අල්ලාහ්ගේ මහිමය සෑම දෙයකටම වඩා උත්තරීතරය, සියල්ලටම වඩා උතුම්ය, සියල්ලටම වඩා ශ්රේෂ්ඨය.

පිළිතුර - අල්ලාහ්ගේ ක්රියා කලාපය සඳහා ඔහුව ප්රශංසා කිරීම ද මෙහි ඇතුළත්ව ඇත. අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස ගැත්තාට කිසිදු උපාය මාර්ගයක් හෝ සෙලවීමක් හෝ හැකියාවක් හෝ නැත. අල්ලාහ්ගෙන් තොරව නපුරක් වැළැක්වීමේ හැකියාව හෝ යහපත සැලසීමේ ශක්තිය හෝ නැත. යනුවෙන් ය.

පිළිතුර - එනම්, ගැත්තා තම ස්වාමියාවූ අල්ලාහ්ගෙන් ඔහුගේ පව් මකා දමන ලෙසත් ඔහුගේ අඩුපාඩු වසා දමන ලෙසත් ඉල්ලා සිටීමයි.