මෙනෙහි කිරීමේ වදන් සහ ප්රාර්ථනා පිළිබඳ කොටස

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. තම පරමාධිපතියාණන් මෙනෙහි කරන අයටත්, මෙනෙහි නොකරන අයටත් උපමාව ජීවතුන් අතර සිටින්නෙකු හා මියගිය කෙනෙකු අතර තිබෙන්නා වූ වෙනස යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රකාශ කළහ. (බුහාරි) මූලාශ්රය බුහාරි
- මෙයට හේතුව පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම සර්වබලධාරි අල්ලාහ්ව සිහිපත් කිරීම මත රඳා පවතින බැවිනි.

පිළිතුර- 1.කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය.
2- ශයිතාන්ව පළවා හැරීම
3- නරක දේවල්වලින් මුස්ලිම් වරයෙකු යහපත් තත්වයට පත් වීම
4- යහපත් ප්රතිඵල සහ කුසල් ලැබීම

"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන ප්රකාශයයි. මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

"අල්ලාහ් දෙවිඳාණන්ට සියලු ප්රසංශා හිමිවේවා! ඔහු අප මරණයට පත්කළ පසුව අපට ප්රාණය ලබා දුන්නේය. තවද අප නැවත යා යුතුව ඇත්තේ ඔහු වෙතය." බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත.තේරුම :- සියලු ප්රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා. කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වක මා සිටිය දී මට මෙම වස්ත්රය ලබා දී ඇඳගන්නට සැලැස්සුවේය. මෙය අබූ දාවූද්, තිර්මිදි, සහ අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි, අස් අලුක මින් ගෛරිහි වගෛරි මා සුනිඅ ලහූ, ව අඌදුබික මින් ෂර්රිහී වෂර්රි මා සුනිඅ ලහු’ තේරුම:- යා අල්ලාහ් සියඵ ප්රසංශා හිමිවන්නේ ඔබටය. මෙය මට පැළඳවූයේ ඔබය. එහි ඇති යහපත හා කුමක් සදහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති යහපත ද ඔබෙන් මම අයැද සිටිමි. එහි ඇති හානියෙන් හා කුමක් සඳහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් අයැද සිටිමි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

පිළිතුර - ඔබ වෙනත් කෙනෙකුට අලුත් ඇඳුමක් ඇඳ සිටිනවා දුටුවහොත්, එවිට මෙසේ යාච්ඤා කරන්න. තුබ්ලි ව යුහ්ඃලිෆුල්ලාහු තආලා. තේරුම:- මෙය දීර්ඝ කාලයක් ඇඳීමෙන් පසු පලූදු වී යයි. එය වෙනුවට අල්ලාහ් තආලා වෙන වස්ත්රයක් ලබා දෙත්වා!. ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

"අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබුසි වල් හඃබාඉස්." අහෝ අල්ලාහ්! පුරුෂ ෂෙයිතානුන්ගෙන් හා ස්ත්රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි. බුහාරි හා මුස්ලිම්.

ගුෆ්රානක - තේරුම: යා අල්ලාහ් ඔබෙන් සමාව අයද සිටිමි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.

"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු." (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු ඒකීය බවත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ ධර්ම දූතයාණන් බවත් මම සාක්ෂි දරමි. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි, වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහි තේරුම:අල්ලාහ්ගේ නාමයෙනි, මාගේ සියලු කටයුතු අල්ලාහ් වෙත භාර කරමි. ඔහු පමණක් විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිම ශක්තියක් හෝ බලයක් නැත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හඃරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා. තේරුමඃ අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමු. තවද අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වුනෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් දෙවිඳාණන් මතම (අපගේ සියලූ කාර්යයන් පවරා) විශ්වාසය තබමු. ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

පිළිතුර - "අල්ලාහුම්ම අෆ්තහ්ලි අබ්වාබ රහ්මතික." යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටුව විවර කර දෙන්න. (ග්රන්ථය - මුස්ලිම්)

අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් පද්ලික- යා අල්ලාහ්! මා ඉල්ලන්නේ ඔනේමය. කරුනා කරනු මැනව.ග්රන්ථය මුස්ලිම්)

පිළිතුර- මුඅද්දින් කියන ආකාරයට පැවැසීම. නමුත් මුඅද්දින් විසින් «හයියඅලස් සලාහ්» සහ«හයිය අලල් ෆලාහ්» යනුවෙන් පවසන විට: «ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ් » යනුවෙන් පැවැසීම. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

පිළිතුර - මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමාණන් වෙත සලවාත් කීම. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ් (ඉන්නකලා තුක්ලිෆුල් මීආද්). තේරුම: මෙම පරිපූර්ණ වූ කැඳවුමෙහි හා ස්තීරවූ සලාතයේ ඇරයුමකි. පරමාධිපතියාණෙනි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඔබගේ සමීපභාවය හා මහිමය ලබා දෙනු මැනව. ඔබ පොරොන්දුවූ මකාමන් මහුමූදාවෙහි (විශිෂ්ඨ ස්ථනායෙ) හි එතුමාණන්ව නැගිට වනු මැනව.ඇත්තවශයෙන්ම ඔබේ පොරොන්දුව කිසිවිටක පටහැනි නොවන්නේය. බුහාරි
අදාන් සහ ඉකාමත් අතර දුආ ප්රාර්ථනා කිරීම

පිළිතුර 1. ආයතුල් කුර්සී. අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඋහුදුහු සිනතුන් වලා නව්ම්, ලහූ මා ෆිස්සමාවාති වමා ෆිල්-අර්ලි මන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි, යඃලමු මා බයින අයිදීහිම් වමා හඃල්ෆහුම්, වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි, ඉල්ලා බිමාෂාඅ, වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලූහුමා වහුවල් අලියියුල් අලීම්.
තේරුම- අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය.මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.[255]. (සූරතුල් බකරා 2:255) 2- බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්. (1) (නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (2) අල්ලාහ් ස්වාධීනය. (3) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (4) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. තුන් වතාවක් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. (1) (නබිවරය!) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” (2) “ඔහු මැවූ දෑහි හානියෙන්...” (3) තවද අඳුර විහිදුණු විට එහි හානියෙන්, (4) තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන්, (5) තවද, ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි.) තුන් වතාවක් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. 1. (නබි මුහම්මද්!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. 2. (ඔහු) මිනිසුන්ගේ රජුය. 3. මිනිසුන්ගේ දෙවියාය. 4. (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.) 5. ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 6. (ඇසෙන නොපෙනෙන ජීවී විශේෂයක් වූ) ජින්නුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද වෙයි. තුන් වතාවක් අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හඃලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රි මා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත.තේරුම:- යා අල්ලාහ්! ඔබ මගේ පරමාධිපතියාණන්ය. නැමදීමට එකම සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මම ඔබේ ගැත්තෙකු වෙමි. මම ඔබේ ගිවිසුමට අවනත වී මට හැකි උපරිමයෙන් පොරොන්දු ඉෂ්ඨ කරමි. මම කළ දෑහි නපුරෙන් ඔබගෙන් ආරක්ෂාව පතමි, ඔබ මට ලබා දී ඇති ආශිර්වාදයන් මගින් මා ඔබ වෙතම හැරෙන්නෙමි. තවද මා කළා වූ පාප කර්මයන් මම පිළිගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව. නිශ්චය වශයෙන්ම ඔබ හැර පාපයන් සඳහා සමාව දීමට වෙන කිසිවෙකු නැත. මූලාශ්රය බුහාරි

පිළිතුර. බිස්මික අල්ලාහුම්ම අමූතු වඅහ්යා.තේරුම- යා අල්ලාහ්! ඔබේ නාමයෙන් මරණය ( හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නමි. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

පිළිතුර: බිස්මිල්ලාහ්. තේරුම= අල්ලාහ්ගේ නාමයෙනි
මුලදී එය කියන්නට අමතක වූ විටක මෙසේ පවසන්න.
«බිස්මිල්ලාහ් ෆී අව්වලිහි වආහිරිහි» ආරම්භයේදී සහ අවසානයේදී අල්ලාහ්ගේ නාමයෙනි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත. තේරුම :- සියලු ප්රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා.කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වයක සිටිය දී මට මෙම ආහාරය ලබා දී අනුභව කිරීමට ඔහු සැලැස්සුවේය. (මූලාශ්රය: අබූ දාවූද්, ඉබ්නු මාජා සහ වෙනත් අය)

අල්ලාහුම්ම බාරික් ලහුම් ෆීමා රසක්තහුම්, වග්ෆිර් ලහුම් වර්හම්හුම්. තේරුම- යා අල්ලාහ්! ඔබ යම් දෙයක් ඔවුන්ට ලබා දුන්නේ නම් ඒ තුලින් ඔවුන්ට අභිවෘද්ධිය ඇති කරනු මැනව’ ඔවුන්ගේ පව්වලට කෂමා කර කරුණාව දක්වනු මැනව. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

අල්හම්දු ලිල්ලාහ්. තේරුම නිියත වශයෙන්ම සියලු පැසසුම් අල්ලාහ් සතුය
3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා, "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.
ඔහු ඔහුට එසේ පැවසූ විට:
"යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි. මූලාශ්රය බුහාරි

‘සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික.’
(යා අල්ලාහ් ඔබගේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.) මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.

බිස්මිල්ලාහි, අල්හම්දු ලිල්ලාහි. සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානකල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරුද්දුනූබ ඉල්ලා අන්ත.
තේරුම:
අල්ලාහ්ගේ නාමයෙනි, සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. මෙය අප හට මැඩපවත්වා දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, යා අල්ලාහ් ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මා මටම අපරාධකරගත්තෙමි. එනිසා ඔබ මට සමාව ලබා දෙනු මැනව’ ඔබ හැර පව් සමාකරදීමට වෙන කිසිවකු නැත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්ලාහුම්ම ඉන්නා නස්අලූක ෆ සෆරිනා හාදල් බිර්ර වත්තක්වා වමිනල් අමලි මා තර්ළා. අල්ලාහුම්ම හව්වින් අලයිනා සෆරනා හාදා වත්වි අන්නා බුඃදහූ. අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස් සෆරි වල්-හඃලීෆතු ෆිල්-අහ්ලි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් වඃසාඉස්-සෆරි ව කඅබතිල්-මන්ළරි වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල්-අහ්ලි.
තේරුම:
අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, මෙය අප හට වසඟ කර දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. යා අල්ලාහ්! මෙම ගමනේදී යහ පතද බියැබතිමත්භාවයද ක්රියාවලින් ඔබ පිළිගන්නා දෑද ඔබෙන් අයැද සිටින්නෙමු’ තවද යා අල්ලාහ්! අපේ මෙම ගමන පහසු කරනු මැනව’ එහි දුර කෙටිකර දෙනු මැනව. මෙම ගමනේ සගයා උරුමකරු ඔබයි’ පවුලේ නියෝජිතයාද ඔබයි. යා අල්ලාහ්! මෙම ගමනින් සිදුවිය හැකි වෙහෙසෙන්ද මගේ ඉරියව්වල වෙනස්වීමෙන්ද මගේ පවුලට හා මගේ ධනයට සිදුවිය හැකි නරකින්ද ආරක්ෂා කරන මෙන් මා ඔබෙන් පතමි.
ගමන් බිමන් ගොස් ආපසු හැරී පැමිණීමෙන් පසු මෙසේ ප්රාර්ථනා කළ යුතුයි.
ආයිබූන තාඉබූන ආබිදූන ලිරබ්බිනා හාමිදූන්. තේරුම -ආපසු හැරී නැවත සේන්දු වූවෙමු, පව්වලට පාපොච්චාරණය කරන්නේමු. අපගේ පරමාධිපතියාණන්ට නැමැදුම් කර ඔහු ප්රශංසා කරන්නෙමු. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

අස්තව්දිඉකුමුල්ලාහ අල්ලදී ලා තළීඋ වදාඉඋහූ
තේරුම :- මම ඔබව අල්ලාහ් දෙවිඳාණන්ට භාර කරමි. ඔහු (අල්ලාහ්) භාර කළ යමක් වේද ඒ කිසිවක් අපතේ නොහරින්නේය. මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

අස්තව්දිඋල්ලාහ් දීනක වඅමානතක වහඃවාතීමු අමලික.තේරුම :- ඔබ අදහන ආගම් ධර්මයද, ඔබේ සුරක්ෂිතභාවය හා ඔබේ ක්රියාවන්හි අවසානය අල්ලාහ්ට භාර කරමි. මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යී වයුමීතු, වහුවල් හයියු ලා යමූතු, බියදිහිල් හඃයිර්, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්
තේරුම- නැමදුමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. ඔහුට කිසිඳු හවුල් කරුවෙකු නොමත. සියලු පාලන ආධිපත්යයන් ඔහුටම හිමිය. සියලු ප්රසංශා හිමිවන්නේ ඔහුටය. ඔහු ජීවය ඇති කරවන්නේය. තවද ඔහු මරණයට පත් කරන්නේය. ඔහුගේ ජීවය නිත්යය, අකාලිකය, සියලු යහපත ඇත්තේ ඔහු සතුවය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

ජසාකල්ලාහු හඃයිරා - තේරුම: අල්ලාහ් ඔබට යහපත් කුලිය ලබා දෙත්වා ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

අල්හම්දු ලිල්ලාහිල්ලදී බිනිඉමතිහි තතමි අස්සාලිහාති. තේරුම - ආශිර්වාදයෙන් සියලු යහකම් පූර්ණත්වයට පත් වන්නේද එවන් වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා මූලාශ්රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.

අල්හම්දු ලිල්ලාහ් අලා කුල්ලි හාල්. තේරුම-සෑම දැයකටම සියළු පැසසුම් අල්ලාහ්ටමය සහීහ් අල්ජාමිඅ්

පිළිතුර- මුස්ලිම්වරයෙකු මෙසේ සලාම් පවසයි. « අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ».
ඔහුගේ සහෝදරයෙකු ඒ සඳහා පිළිතුරක් ලෙස මෙසේ පවසයි. "ව අලයිකුම් අස්සලම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ". ඉමාම් ඉමාම් අබූ දාවූද් හා වෙනත් ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.

අල්ලාහුම්ම සයියිබන් නාෆිඅන්.
තේරුම:
- යා අල්ලාහ් ! වර්ෂාව ප්රයෝජනවත් වර්ෂාවක් බවට පත් කරනු මැනව. අල් බුහාරි වාර්තා කරයි.

මුතිර්නා බිෆද්ලල්ලාහු ව රහ්මතුහු. තේරුම - අල්ලාහ්ගේ කරුණාවෙන් සහ ආශිර්වාදයෙන් අපට වර්ෂාව ඇති කරනු ලැබීය. මූලාශ්රය : බුහාරි සහ මුස්ලිම්.

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක හයිරහා වඅඌදුබික මින් ශර්රිහා. තේරුම- යා අල්ලාහ්!නියත වශයෙන්ම මම ඔබෙන් යහපත ඉල්ලා සිටින අතර අයහපත් දෙයින් ආරක්ෂාව ද පතමි. (මූලාශ්රය: අබූ දාවූද් සහ ඉබ්නු මාජා)

සුබ්හානල්ලදී යුසබ්බිහුර් රඅදු, බිහම්දිහි වල් මලාඉකතු මින් හීෆතිහි. තේරුම - අල්ලාහ් දෙවිඳාණන් සුවිශුද්ධය. අකුණු හඬද ඔහුව ප්රශංසා කරයි. තවද මලක්වරු ඔහුට ඇති බිය නිසා ප්රශංසා කරති. මූලාශ්රය: මුවත්තා මාලික්

අල්හම්දු ලිල්ලා හිල්ලදී ආෆානී මිම්මා ඉබ්තලාක බිහි, වෆද්දලනී අලා කසීරින් මිම්මන් හඃලක තෆ්දීලා. තේරුම- අල්ලාහ් කුමන දෙයකින් ඔබව පරීක්ෂණයට ලක් කර ඇත්තේද, තවද ඔහු මවා ඇති බොහෝ අයවලුන්ට වඩා මා විශිෂ්ඨත්වයට පත් කළ ඒ අල්ලාහ්ටම සියලූ ප්රසංශා හිමිවේවා. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

‘නුඹලා අතරින් කෙනෙකු තම සහෝදරයාගේද, තමන් සතු දෙයක් කෙරෙහිද, නැත්නම් කෙනෙකුගේ ධන සම්පත්තියක් කෙරෙහිද පුදුමයට පත්කරවන දෙයක් දුටු විටක, ඒ කෙරෙහි අභිවෘද්ධිය ඇති වීමට ප්රාර්ථනා කරන්න. කුමක් නිසාද යත්, නියතවශයෙන් ඇස්වහ සත්යය වේ. මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

‘අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත් අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්’
තේරුම:
දෙවියනි! ඔබ ඉබ්රාහීම් හා එතුමාගේ පවුලේ උදවිය ප්රශංසාවට ලක් කළා සේ මුහම්මද් හා එතුමාගේ පවුලේ උදවිය ප්රශංසාවට ලක් කරනු මැන! සැබැවින් ම ඔබ ප්රශංසනීය හා කීර්තිමත් ය. තව ද ඔබ ඉබ්රාහීම්ට හා එතුමාගේ පවුලේ උදවියට අභිවෘද්ධිය ඇති කළා සේ මුහම්මද්ට හා එතුමාගේ පවුලේ උදවියට අභිවෘද්ධිය ඇති කරනු මැනව! සැබිවින් ම ඔබ ප්රශංසනීය හා කීර්තිමත් ය. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.