නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ (හදීස්) වදන් පිළිබඳ කොටස.

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව විශ්වාස කරන්තන්ගේ නායක උමර් බින් අල් හත්තාබ් (රළියල්ලාහු අන්හු) වාර්තා කරයි. “ක්රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුම තම චේතනාව මත ප්රතිඵලය හිමි කර ගනී. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත. " යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කළ ප්රකාශයට මා සවන් දුනිමි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා වීඇත.
මෙම නබි වදනෙන් උගතු යුතු පාඩම්.
1. සෑම ක්රියාවක් සඳහා, එනම් සලාතය, සව්ම් හෙවත් උපවාසය, හජ් සහ වෙනත් මෙවැනි ක්රියාවන් සඳහා චේතනාවක් තිබිය යුතුය.
2. සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි කෙනෙකුගේ චේතනාව තුළ අවංකභාවයක් තිබීම අවශ්ය වේ.
දෙවන (හදීස්) වදන.

විශ්වාසීන්ගේ මෑණියන් වන උම්මු අබ්දුල්ලාහ් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කරයි. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ: "අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්රම සහ වීධි කවරෙකු හෝ ඇතුඵ කරන්නේ නම් එය ප්රතික්ෂේප කරනු ලැබේ." බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත
මෙම නබි වදනින් උගතු යුතු පාඩම්.
1. ආගමේ (ඉස්ලාමයේ) එහි නොමැති නවෝත්පාදන තහනම් කිරීම.
2. (ඉස්ලාමයේ) එහි නොමැති නවෝත්පාදන ක්රියාවන් ප්රතික්ෂේප කරනු ලබන අතර ඒවා පිළිගනු නොලැබේ.
තුන්වැනි හදීසය.

උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “දිනක් අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණීය. ගමනක සළකුණක් හෝ ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, තම අත්දෙක එතුමාගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: "අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රැකීම, හැකියාව දරන්නේ නම් දේව නිවනට ගොස් හජ් වන්දනා ඉටු කිරීම' යැයි පැවසූහ. ඔහු ‘ඔබ සත්යමය ප්රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාගෙන් විමසයි. එය සත්ය යැයි ද පවසයි. ඔහු තවදුරටත්, ‘ඊමානය ගැන තොරතුරු මට දන්වනු' යැයි විමසා සිටියේය. එවිට එතුමා, 'අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු, ඔහුගේ ග්රන්ථ හා ඔහුගේ දූතයින්, හා අවසන් දිනය ඔබ විශ්වාස කිරීම හා හොද හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.' යැයි කීහ. එවිට ඔහු, 'ඔබ සත්යමය ප්රකාශ කළෙහිය.' යැයි කීය. නැවතත් ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමා, 'ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුට නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි.' කීහ. පසුව ඔහු, 'මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න' යැයි පැවසීය. එතුමා, 'විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන දන්නාය.’යැයි කීහ. ඔහු ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්නැ.'යි කීය. එතුමා, 'වැහැලියක් තම ස්වාමි පුත්රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්ර, එළුවන් බලා ගන්නා එඩේරුන් උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති.' යැයි කීහ. පසුව ඔහු හැරී ගියේය. එතුමා මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! මගෙන් මෙසේ කරුණු විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද?' එවිට මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නාය". යැයි පැවසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය.” යැයි පැවැසුවේය. මෙය මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
මෙම නබි වදනේ වැදගත්කම.
1-ඉස්ලාම් අනිවාර්ය කුළුණු පහක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.
තවද, සලාත් ඉටු කිරීම,
සකාත් දීම,
රමළාන්හි උපවාසය රුකීම,
ශුද්ධ වූ නිවස වෙත ගොස් හජ් වන්දනා ඉටු කිරීම.
2- ඊමාන් හෙවත් විශ්වාසය අනිවාර්ය කුළුණු හයක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
අල්ලාහ් විශ්වාස කිරීම.
ඔහුගේ සුරදූතයින් විශ්වාස කිරීිම,
ඔහුගේ ග්රන්ථ ගැන විශ්වාස කිරිම.
ඔහුගේ පණිවිඩකරුවන් (රසූල්වරුන්) විශ්වාස කිරීම.
අවසන් දිනය විශ්වාස කිරීම.
හොඳ හෝ නරක පෙර නියමයට අනුව (අල්ලාහ් විසින් තීරණය අනුව) සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.
ඉහ්සාන් හි කුළුණු ගැන සඳහන් කිරීම. එය එක් කුළුණකින් සමන්විත වේ. එය වනාහි: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.
අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටීම, එහි වේලාව පිළිබඳ අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී.
සිව්වන හදීසය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කළවුන් කව්රුන්ද යත් ඔහු ගතිගුණ අතින් අලංකාරවන්තයන්ය. " අත් තිර්මිදී විසින් වාර්තා කර ඇත. තවද මෙය හසන් සහීහ් වර්ගයට අයත් හදීසයක් වේ.
මෙම නබි වදනේ වැදගත්කම.
1- යහපත් ගතිගුණ කෙරෙහි දිරිගැන්වීම.
2- ගතිගුණ අතින් පරිපූර්ණත්වයට පත්වීම යනු ඊමාන් හෙවත් විශ්වාස කිරීමෙන් පරිපූර්ණත්වයට පත්වීමයි.
3- සැබැවින්ම විශ්වාසය (ඊමානය) අඩු වැඩි වේ.
පස්වන හදීසය.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිව්රන්නේ ද ඔහු අල්ලාහ් ප්රතික්ෂේප කළේය. එසේ නොමැති නම් ඔහු අල්ලාහ්ට ආදේශ තැබුවේය." ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙම නබි වදනේ වැදගත් ප්රයෝජන.
-අල්ලාහ් මත හැර වෙනත් දෙයක් මත දිව්රීම නොකළ යුතුය.
"අල්ලාහ් මත හැර වෙනත් දෙයක් මත කරන දිව්රීම" අල්ලාහ්ට කුඩා පරිමාණයෙන් ආදේශ කිරීමක් වේ.
හයවන හදීසය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස කරන්නෙක් වන්නේ නැත." බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

සියලුම මිනිසුන්ට වඩා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට ආදරය කළ යුතුය.
එය ඊමාන් (දේව විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.
හත්වන හදීසය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ අතරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. විශ්වාස කරන්නා තමාට ප්රිය කරන ආකාරයටම අනිකුත් විශ්වාස කරන්නනන්ට ද යහපත තුලින් ප්රිිය කළ යුතුය.
එය ඊමාන් (විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.
අට වන හදීසය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබී සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද, එය (සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදය) අල්-කුර්ආනයේ තුනෙන් කොටසකට සමාන වේ. මූලාශ්රය බුහාරි
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදයේ වැදගත්කම
එය අල්-කුර්ආනයේ තුනෙන් කොටසට සමාන වේ.
නව වන හදීසය.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. "ලාහව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යනු ස්වර්ගයේ නිධානයන්ගෙන් එකකි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. මෙම පාඨයෙහි වැදගත්කම- එය ස්වර්ගයේ නිධානයන්ගෙන් එකකි.
2. ගැත්තා ඔහුගේ ස්ව බලයෙන් මිදී, සර්වබලධාරී අල්ලාහ් මත පමණක් යැපීමට අධිෂ්ඨාන කරයි.
දහ වන හදීසය.

පිළිතුර - සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රකාශයකට සවන් දුන් බව අන් නුඋමාන් බින් බශීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. ඇත්ත වශයෙන්ම, ශරීරය තුල මස් කෑබැල්ලක් ඇත, එය යහපත් නම් මුළු ශරීරයම යහපත් වනු ඇත, එය දූෂිත නම් මුළු ශරීරයම දූෂිත වනු ඇත, එය හදවතයි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත
මෙම හදීස් පාඨය ලබා දෙන ආදර්ශ:

1. සිතේ යහපත්කම යනු එය බාහිර හා අභ්යන්තර යහපත්කම් වලින් සමන්විතය.
2. සිතේ යහපත්කම කෙරෙහි අවධානය යොමු කිරීම, කුමක් නිසාද යත් එය තුළ මිනිසාගේ යහපත්කම ඇති බැවිනි.
එකලොස්වන හදීසය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කවරෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පවසන්නේද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය. ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1- ලාඉලාහ ඉල්ලල්ලා යන පාඨයෙහි වැදගත්කම නම්, ඒ තුලින් කෙනෙකුට ස්වර්ගයට පිවිසීමට වරම් ලැබීම.
2- මෙලොවේදී කෙනෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පැවැසීමේ වැදගත්කම.
දොලොස්වන හදීසය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1- සියලුම අසත්ය සහ අසභ්ය කතා තහනම් කිරීම.
2- එසේ නොකිරීම දේව විශ්වාස කරන්නේකුගේ දිවෙහි දක්නට ලැබෙන ලක්ෂණයකි.
දහතුන්වැනි හදීසය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම අතර ඔහු තමාට අදාළ නොවන දේ අත්හැරීමයි." මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. අන් අයගේ ආගම හා ලෞකික කටයුතු සම්බන්ධ කාරණාවලදී පුද්ගලයෙකුට අදාළ නොවන දේ අත්හැරීම.
ඔහුගේ පරිපූර්ණ වූ ඉස්ලාමයට අදාළ නොවන දේ අත්හැරීම.
දහහතරවන හදීසය:

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කෙනෙකු විසින් දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්, ඒ තැනැත්තාට එක් පිනක් ලැබෙන්නේය. ඒ එක් පින දස ගුණයක් බවට පත් වෙයි. අලිෆ් -ලාම් - මීම් යනු එක අක්ෂරයක් යැයි මා නොපවසමි. එහෙත් අලිෆ් එක් අක්ෂරයකි, තවද ලාම් තව අක්ෂරයකි, මීම් තවත් අක්ෂරයකි.“ ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. අල්කුර්ආනය පාරායනය කිරීමේ වැදගත්කම
2. ඔබ කියවන සෑම අකුරකම ඔබට යහපතක් ඇති බව.