නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාගේ චරිතාපදානය

පිළිතුර - ඔහු මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් ය; හාෂිම්වරු යනු කුරයිෂ් වංශයෙන් පැවැත එන්නන්ය, කුරේෂ්වරු අරාබිවරුගේ පැවත එන්නන්ය, අරාබිවරුන් ඉස්මායිල්ගේ පරපුරෙන් පැවැත එන්නන්ය,ඉස්මායිල්, ඉබ්රාහිම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත්රයාණන්ය. එතුමාණන්ට හා අපගේ නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාට අල්ලාහ්ගේ විශිෂ්ඨතම ආශිර්වාදය සහ සාමය ඇති වේවා!

පිළිතුර - එතුමාණන් මව් කුස තුල සිටියදීම එතුමාණන්ගේ පියා මදීනාවේ මිය ගියේය. ඒ වන විටත් නබිතුමාණන් උපත ලැබී නැත.

පිළිතුර - ඇත් වසර (ආමුල් ෆීල්) රබී අල්-අව්වල් මාසයේ සඳුදා දිනක.

පිළිතුර - එතුමාගේ පියාගේ වහලියක් වන උම් අයිමන්.
එතුමාණන්ගේ මාමා කෙනෙකු වූ අබු ලහබ්ගේ වහලිය වූ සුවයිබා.
හලීමා අස්සඅදියියා.

පිළිතුර: එතුමාගේ වයස අවුරුදු හයේදී, එතුමාගේ මව මිය ගිය අතර එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ් එතුමාව රැකබලා ගත්තේය.

පිළිතුර: එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ්, එතුමාගේ වයස අවුරුදු අටේදී මිය ගිය අතර පසුව එතුමාගේ සුඵපියා වන අබු තාලිබ් එතුමාව රැකබලා ගත්තේය.

පිළිතුර: එතුමාගේ වයස අවුරුදු දොළහේදී තම සුඵපියා සමඟ සිරියාවට ගමන් කළේය.

පිළිතුර: එතුමාණන්ගේ දෙවන ගමන, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුදලින් වෙළඳාම් කිරීම සඳහා ගිය ගමනය. එතුමා ආපසු පැමිණි විට, එතුමා ඇය සමඟ විවාහ වුුහ, එවිට එතුමාගේ වයස අවුරුදු විසිපහකි.

පිළිතුර: කුරෙයිෂ්වරුන් විසින් කඅබාව නැවත ගොඩනගන විට, එතුමාගේ වයස අවුරුදු තිස්පහකි.
කළු ගල තැබිය යුත්තේ කවුරුන්ද? යන්න පිළිබඳව ඔවුන් අතර මතභේද ඇති වූ විට, ඔවුහු එතුමාව විනිශ්චය කරුවෙකු බවට පත් කළ අතර, එතුමා විසින් එය වස්ත්රයකට දමා, සෑම ගෝත්රයකටම වස්ත්රයේ එක් කෙළවරක් අල්ලා ගන්නා ලෙස අණ කළේය. (එම අවස්ථාවේදී) ගෝත්ර සංඛ්යාව හතරක් විය. අදාල ස්ථානය දක්වා එසවූ පසු එතුමාණන්ගේ සුරතින් එම කඵ ගල අදාල ස්ථානයේ තබන ලදි.

පිළිතුර: එවිට එතුමාට වයස අවුරුදු හතළිහක් වූ අතර, එතුමාණන් සියලු මිනිසුන්ට පණිවිඩකරුවෙකු සහ අනතුරු අඟවන්නෙකු ලෙස යවන ලදී.

පිළිතුර: සැබෑ වූ සිහිනය, අරුණාලෝකය පැහැදලිව උදාවෙන ආකාරයට එතුමාණන්ගේ සිහින පැහැදිලි ව තිබුණි.

පිළිතුර: එතුමා හිරා ගුහාවේ අල්ලාහ්ට වන්දනාමානය කරමින් සිටියෝය. තවද ඒ සඳහා සියළු අයුරින් සූදානම් වනු ඇත.
එතුමාණන් හිරා ගුහාවේ නමස්කාර කරමින් සිටියදී එතුමාණන්ට වහී පහළ විය.

පිළිතුර: (පහත සඳහන්) අල්ලාහ්ගේ කියමන. 1-මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 2- ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය. 3-අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 4- ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය. 5- ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය. (සූරා අල්-අලක් 96:1-5)

පිළිතුර: පිරිමින් අතර, අබූ බක්ර් අස්සිද්දීක්, සහ කාන්තාවන් අතර,
කදීජා බින්ත් කුවෙයිලිද් සහ පිරිමි ළමුන් අතර, අලී බින් අබී තාලිබ්, සහ සේවයකින් අතර, සයිද් බින් හාරිතා, සහ වහලුන් අතර, බිලාල් අල් හබෂී, (රළියල්ලාහු අන්හුම්) සහ වෙනත් අය වෙති.

පිළිතුර - ඉස්ලාමය වෙත ආරාධනා කිරීමේ (දාවා) කටයුතු වසර තුනක් පමණ රහසිගතව පැවති අතර, පසුව අල්ලාහ් නබිතුමාට විවෘතව ආරාධනා කරන ලෙස අණ කළේය.

පිළිතුර - අබිසීනියාවේ නජ්ජාසි රජතුමා වෙත ඔහුගේ රැකවරණය පතා සංක්රමණය වීමට මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් අනුගාමිකයන්ට අවසර දෙන තෙක් මුෂ්රීක්වරුන් එතුමාට සහ මුස්ලිම්වරුන්ට (අඛණ්ඩව) හිරිහැර කරමින් සිටියහ.
බහුදේවවාදීන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හානියක් කර ඝාතනය කිරීමට ඒකමතිකව එකඟ වූ අතර, උත්තරීතරවූ අල්ලාහ් එතුමාණන්ව ඔවුන්ගෙන් ආරක්ෂා කර, ඔවුන්ගෙන් සුරක්ෂිත වීමට එතුමාණන්ගේ සුඵපියා වූ අබුතාලිබ්ගේ රැකවරණයද මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ලබා දෙන ලදි.

පිළිතුර - එතුමාණන්ගේ සුඵපියා වූ අබු තාලිබ් සහ එතුමාණන්ගේ බිරිඳ කදීජා (රළියල්ලාහු අන්හා) අභාවප්රාප්ත වූහ.

පිළිතුර - එතුමාණන්ගේ වයස අවුරුදු පනහේදී මෙම ගමන සිදු වූ අතර, දිනපතා පස් වේලේ සලාතය මෙම ගමනේදී අනිවාර්ය කරන ලදි.
අල් ඉස්රාඃ:
(මක්කාවේ) මස්ජිදුල් හරම්හි සිට මස්ජිදුල් අක්සා (ජේරුසලම්) දක්වා ගිය ගමන.
අල්මිඃරාජ්:
බයිතුල් මුකද්දිසය සිට අහස් හතක් පසුකර සිද්රතුල් මුන්තහා තෙක් ගිය ගමන.

පිළිතුර: එතුමා තායිෆ් වැසියන්ට ආරාධනා කරමින් සිටියහ. තවද මදීනාවේ වැසියන්වූ අන්සාර්වරු පැමිණ එතුමාණන්ව හමුවී ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කර, එතුමාණන්ට පක්ෂපාතී වී සහයෝගය දක්වන බවට ප්රතිඥා දෙන තුරු, විවිධ කාලවලදී සහ මිනිසුන්ගේ රැස්වීම්වලට පෙනී සිටිමින් ආරාධනා කර සිටියේය.

පිළිතුර- එතුමාණන්ට සකාත් (අනිවාර්ය බද්ධ), සව්ම් හෙවත් උපවාසය, හජ් වන්දනාව, අල්ජිහාද් (කැපවීම) අල් අදාන් (සලාතය සඳහා ආරාධනය) වැනි ඉස්ලාමීය වගකීම් අනිවාර්ය කරන ලදි.

පිළිතුර: බද්ර් සටනේ ජයග්රහණය.
උහද් සටනේ ජයග්රහණය.
අල් අහ්සාබ් සටනේ ජයග්රහණය.
මක්කා සටනේ ජයග්රහණය.

පිළිතුර - අල්ලාහ් මෙසේ පවසා සිටියි. එහි නුඹලා ව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බිය බැතිමත් වනු. පසු ව සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය. (සූරා බකරා 2:281)

පිළිතුර - හිජ්රි එකොළොස්වන වසරේ රබී අල්-අව්වල් මාසයේදී එතුමාගේ වයස අවුරුදු හැට තුනේදී අභාවයට පත් වුුහ.

පිළිතුර:1. කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය.
2- සවුදා බින්ත් Zසුම්ආ (රළියල්ලාහු අන්හා) තුමිය.
3- ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් (රළියල්ලාහු අන්හා) තුමිය
4- හෆ්සා බින්ත් උමර් (රළියල්ලාහු අන්හා) තුමිය.
5- සයිනබ් බින්ති ජහෂ් (රළියල්ලාහු අන්හා) තුමිය.
6- උම්මු සලමා හින්ද් බින්ත් අබී උමයියා (රළියල්ලාහු අන්හා) තුමිය.
7- උම්මු හබීබාහ් බින්ති අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හා) තුමිය.
8- ජුවය්රිය්යාහ් බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
9- මය්මූනා බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
10- සුෆියියාහ් බින්ත් හුයයි (රළියල්ලාහු අන්හා) තුමිය.
11- සයිනබ් බින්ත් ජහෂ් - රළියල්ලාහු අන්හා - තුමිය. (ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් -රළියල්ලාහු අන්හුමා- තුමිය හැර අන් සියළු අය, විවාහ වී සැමියා මිය යෑමෙන් වැන්දඹු බවට පත් අසරණ අය වේ.)

පිළිතුර- පිරිමි දරුවන් තිදෙනෙකි.
අල් කාසිම්
අබ්දුල්ලාහ්
ඉබ්රාහීම්
ගැහැණු දරුවන්:

ෆාතිමා
රුකයියහ්
උම්මු කුල්සූම්
zසයිනබ්.
ඉබ්රාහිම් හැර එතුමාණන්ගේ සියලුම දරුවන් කදීජා -රළියල්ලාහු අන්හා- තුමියගෙන් උපත ලැබූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අභාවයට පත් වී මාස හයකට පසු ෆාතිමා තුමිය මිය ගිය අතර අනෙක් සියල්ලෝම එතුමාණන්ට පෙර මිය ගියහ.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, මිටි හෝ උස අයකු නොවූ අතර එතුමාණන්ගේ ශරීරය මධ්යස්තව පිහිටා තිබිණි. එතුමාණන් රතු පැහැයට බර සුදු පැහැයෙන් යුක්ත වූ අතර, එතුමාණන්ට (ලස්සන) ඝන රැවුලක්, පුළුල් නේත්රා දෙකක් සහ විශිෂ්ට මුඛයක් තිබිණි. එතුමාණන්ගේ හිසකෙස් ඉතා කළු පැහැයෙන් යුක්ත වූ අතර විශාල උරහිස් ද තිබිණි. එතුමාගේ ශරීරයෙන් (නිතර) හොඳ සුවඳක් විහිදුනු අතර අනෙකුත් අලංකාර ලක්ෂණද පිහිටා තිබිණි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ සුදෝවන් සුදු, පැහැදිලි මාර්ගකය. එහි රාත්රිය, දවල් මෙන් වේ. විනාශයට පත් වූ කෙනෙකු හැර අන් කිසිවෙකු එයින් බැහැර වන්නේ නැත. යම් යහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට කියා දුන්නේය. යම් අයහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට අනතුරු ඇඟව්වේය.